උතුරේ ඉඩම් නිදහස් කල හැකිදැයි විමසීමක්

 

download (94)

 

ජනාධිපති ප්‍රචාරණ රැස්වීමක් සඳහා පසුගියදා යාපනයට ගිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක  කුමාරතුංග කියා සිටීයේ ජාතික ආරක්ෂාව වදගත් වන අතර මේ සඳහා

දැනට රඳවා ගෙන තිබෙන ඉඩම් මුල් අය්තිකරුවන්ට නිදහස් කල හැකි නම් නව ආණ්ඩුව එසේ කරන බවයි.

 

හමුදා භාරයේ ඇති ඉඩම් අක්කර 10,000ක් පමණ උතුරේ ජනතාවට නැවත බාරදීම සඳහා ඇති හැකියාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙතින් ආරක්ෂක අමාත්‍යංශය විමසීමක් සිදු කොට ඇති බව වාර්තා වේ.

 

download (93)

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසන්නේ, උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතක් කිසිදු තීරණයකට එළැඹී නොමැති බවත් උතුරේ සහ නැගෙනහිර කඳවුරු පිළිබඳව හා එම ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් ආරක්ෂක අංශයන්ගෙන් සවිස්තරාත්මක වාර්තාවක් කැඳවා ඇති බවත්ය.

 

 

download (95)

විශේෂයෙන් එම ප්‍රදේශවල වත්මන් හා ඉදිරි ආරක්ෂක තත්ත්වය පිළිබඳවත් ආරක්ෂක අංශ රඳවා තබා ගත යුත්තේ කුමන ප්‍රදේශයේද ආරක්ෂක අංශ ඉවත් කළ යුත්තේ කවර ප්‍රදේහවලද යන්නත් උතුරේ රාජකාරියේ නිරත පිරිස් එම ස්ථානයේම රාජකාරියේ යොදවනවාද නැතහොත් වෙනත් ස්ථානයක ස්ථාන ගත කරනවාද යන්නත් පිළිබඳව නිසි අධ්‍යයනයක නිරතවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශය ඒ පිළිබඳව නිසි තීරණයකට එළඹෙනු ඇති බවද බ්‍රිගේඩියර් වනිගසූරිය කියා සිටී.

 

images (56)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.