උතුරේ ඡන්ද ගැන ඇම්නේස්ටිය ඇතුළු ජාත්‍යන්තරය ඇහැ ගහගෙන

Amnesty_5-300x296

 

ප්‍රචණ්ඩ ක්‍රියා වලට මුහුණ දීමෙන් තොරව ජනතාවට තම ඡන්දය ප්‍රකාශ කිරීමමට ඉඩක් තබිය යුතු බවඇම්නේස්ටි ජාත්‍යාන්තර මානව හිමිකම් සංවිධානය කියා සිටී.

අසියානු කළාපය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ඩේවිඩ් ග්රිෆිත්ස්  කියා සිටීයේ හමුදාව යොදවා ඡන්ද  දැමීම වලක්වාලීමට සංවිධානාත්මක වැඩ පිළිවෙලක් ඇති බව වාර්තා වීම

බැරෑරුම් තත්වයක් බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කියා සිටින්නේ.

ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉඩකඩ සලස්වාදීම ආණ්ඩුවේ වගකීම බව ඩේවිඩ් ග්රිෆිත්ස් වැඩි දුරටත් කියා සිටී.

 

 

images (38)

 

තීරණාත්මක සාධකය උතුරේ ඡන්ද

මෙවර ජනාධිපතිවරනයෙදී  තීරණාත්මක සාධකයක් වන්නේ උතුරේ ඡන්දයයි.

2000  ජනාධිපතිවරනයේදී කොටි සංවිධානයේ බලපෑම හේතුවෙන් උතුරේ ඡන්ද ප්‍රකාශනය තීරණාත්මක සාධකකයක් නොවීය.

ඉන් අනතුරුව පැවති ජනාධිපතිපතිවරණයේදී සරත් ෆොන්සේකා සහ  මහින්ද රාජරකපක්‍ෂ අතර පරතරය විශාල වූ හෙයින් යළිත් වතාවක් උතුරේ ඡන්ද ප්‍රකාශනය තීරණාත්මක

ලෙස සමස්ත ප්‍රතිපලයට බලපෑවේ නැත.

එහෙත්  කරටකර තරඟයක් පවතින මේ අවස්ථාවේ   උතුරේ   ඡන්ද විශාල වශයෙන් නොවැටී ගියහොත් එය මහින්ද රාජපක්ෂට විශාල වාසියක් වනු ඇත.

දනට විපක්ෂයේ ගණන් බැලීම වනුයේ    මැතිවරණ කොමසාරිස්වරයා ගේ ක්‍රියාකලාපය සහ කරටකර  ඇති ජනතා බලය හේතුවෙන් ප්‍රචණ්ඩ ක්‍රියා සමස්ත ප්‍රතිපලයට

තීරනාත්මක  ලෙස බලපෑමට තිබෙන ඉඩකඩ අඩු බවයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.