උතුරේ නව ආණ්ඩුකාර පත්වීම පෙරළියක්

palihakkara

උතුරේ ආණ්ඩුකාර තනතුර සඳහා එච්. එම්. ජී. එස්. පලිහක්කාර මහතා පත් කිරීම නිර්භයව ගත් නිවැරදි තීරණයක් ලෙස ඇතමුන් දකින අතර තවත් පිරිසක් කියා සිටින්නේ නව

ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් වලට අවනතව මේ තීරණ ය ගත බවයි.

උතුරු පළාත් සභාවට හිටපු හමුදා ප්‍රධානියෙක් පත් කිරීම ගැන දෙමළ ජාතික සන්ධානය දිගින් දිගටමැ විරෝධය පල කල අතර  ආණ්ඩුකාර ධුරයට සිවිල් පුද්ගලයෙක් පත් කරන ලෙස ඉලා සිටියහ.

හිටපු හමුදා මේජර් ජෙනරාල් වරයෙක් වූ ජී.ඒ.චන්ද්‍රසිරි උතුරු  පළාතේ ආණ්ඩුකාරවරයා  ලෙස කටයුතු කළේය.

 

මේ පත් කිරීම ගැන කවර වාද විවාද තිබුනත් එච්. එම්. ජී. එස්. පලිහක්කාර මහතා ගේ සේවා වාර්තාව පිළිබඳවප්‍රශ්න තිබිය නොහැක. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කළ

උගත් පාඩම් හැ ප්‍රතිසන්දාන කොමිසමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කල අතර එහිදී ඉතා ස්වාධීනව අදහස් දැක්වුවේය. හිටපු විදෙස්ෂ ලේකම්වරයාද වන පලිහක්කාර මහතා

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ ආසියා හා පැසිෆික් නිත්‍ය නියෝජිතයා විය. ශ්‍රී ලංකා සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්ද විය.

 

Ban Kyi Moon 1` (1)

 

අන්තර්ජාතික මානව හිමිකම් හා මානව හිමිකම් නීතිය පිළිබඳව ස්වීඩනයේ ලුන්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබීය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ තනතුරු කිහිපයක් හොබවා ඇති ඔහු එක්සත් ජාතීන්ගේ නිරායුධකරණය පිළිබඳව පාඨමාලාවක්ද හදාරා ඇත. න්‍යෂ්ටික අවි හා අන්තර්ජාතික ආරක්ෂාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය විද්වත් කමිටුවේ සාමාජිකයෙක්ද විය.

උතරේ ජනතාවගේ මනස ,වේදනාවන් සහ ප්‍රාර්ථනාවන් මැනවින් තේරුම් ගැනීමේ හැකියාව පලිහක්කාර මහතා සතුය ඒ හැකියාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමේ වගකීම

ඇත්තේ දෙමළ නායකයින් අතය.

අන්තවාදී දෙමළ නායකයින් අසාධාරණ විවේචන වලින් මෙවැනි පුද්ගලයින් වෙහෙසට පත් කළ හොත් මෙය තවත් ගිලිහුණු අවස්ථාවක් විය හැකි බවයි ඇතැම් විචාරකයින් පෙන්වා දෙන්නේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.