නියඟයෙන් උතුරේ 462815 දෙනෙක්‌ පීඩාවට

droughtපසුගිය මාස අටක කාලය පුරාවට උතුරු පළාතට නිසි වර්ෂාපතනයක්‌ නොලැබීම හේතුවෙන් අද වන විට එම ප්‍රදේශවල පවතින්නේ දැඩි නියං කාලගුණයකි. පවතින මෙම තත්ත්වය හමුවේ උතුරු පළාතේ පවුල් එක්‌ලක්‍ෂ තිස්‌තුන්දහස්‌ හයසිය හැත්තෑ අටකට අයත් හාරලක්‍ෂ හැට දෙදහස්‌ අටසිය පහළොවක පිරිසක්‌ පීඩාවට පත්ව ඇති බව උතුරු පළාත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

මේ අනුව උතුරේ ග්‍රාම නිලධාරි වසම් 670 ක ජනතාව නියඟයෙන් බැටකති. උතුරේ නියඟයේ වැඩිම බලපෑමට ලක්‌වූ දිස්‌ත්‍රික්‌කය වන්නේ යාපනය දිස්‌ත්‍රික්‌කයයි. ඒ අනුව එම දිස්‌ත්‍රික්‌කයේ ග්‍රාම නිලධාරී වසම් 267 කට අයත් පවුල් තිස්‌හතර දහස්‌ හතළිස්‌ නමයක පුද්ගලයන් එක්‌ලක්‍ෂ විසිහතර දහස්‌ දෙසිය හය දෙනකු පීඩාවට පත්ව සිටිති. යාපනය දිස්‌ත්‍රික්‌කයේ වැඩිම බලපෑම එල්ලව පවතින්නේ චාවකච්ෙච්රි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයටයි.

(දිවයින )

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.