උතුරේ ස්වේච්ජා ගුරුවරු 1300 කට අධික ප්‍රමාණයකට ස්ථිර පත්වීම් දීමට පියවර …………

teachersදිනසේන රතුගමගේ

යුද සමයේදී සහ යුද්දයෙන් පසුව වසර ගණනාවක් ස්වේච්ඡාවෙන් ගුරුවෘත්තීයේ යෙදුනු උතුරු පළාතේ ගුරුවරුන්ට උතුරු පලාත් ආණ්ඩුකාරතුමාගේ මැදිහත් වීමෙන්  ස්ථීර පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

උතුරු ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ  (31දා) උතුරේ ස්වේච්ඡා ගුරුවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්  උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.

මේ අනුව උතුරු පලාතේ 1347 දෙනෙකුට ස්ථීර ගුරු පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇති බවටත් එහිදී 1124 දෙනෙකු ස්වේච්ඡාවෙන් උතුරු පලාතේ ගුරුවරුන් වශයෙන් සේවය කොට ඇති අතර 167 දෙනෙකු කොන්ත්‍රාත් පදනම යටතේ හා තවත් 56 දෙනෙකු අමතර රැකියාවක් වශයෙන් ගුරු වෘත්තියේ යෙදුනු අය බවට උතුරු ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇත.

2016 දෙසැම්බර් මස අදාල ගුරුවරුන්හට ස්ථීර ගුරු පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට තිබුනි. කෙසේ වෙතත් ඉදිරි මස ඇතුලත අදාල ගුරුවරුන්ට ස්ථීර පත්වීම් ලබා දීමට පියවර ගන්නා බවටත් ස්වේච්ඡා පදනම යටතේ සේවය කළ කාලයේදී කැපවීමෙන් සිදු කරන ලද ගුරු වෘත්තිය ස්ථීර පත්වීම් ලැබුනු පසුවද ඒ හා සමානව සේවයක් බලාපොරොත්තුවන බවටද උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා ස්වේච්ඡා ගුරුවරුන්ට වැඩි දුරටත් පවසා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.