උතුරේ හමුදාකරණය දරා ගත නොහැකියි

 

 

 

IMG_3586පුංගුඩුතිව් ශිෂ්‍යාව ඝාතනය කිරීමෙන් පසු යාපනයේදී පොලිසිය හා මහජනයා අතර ඇතිවූ සිද්ධි යළි ඇති නොවිය යුතු යැයි උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා කොළඹදී ප්‍රකාශ කළේය.

මේ සිද්ධියේදි පොලිසියෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ ගණන120කට වැඩිය.

එවැනි සිද්ධියක් යළි ඇති නොවිය යුතු බව ඔහු කීවේය.

යුද හමුදාවේ බොහෝ අය තම මිතුරන් නමුත් හමුදාව උතුරෙන් යා යුතුයැයි ඔහු කියා සිටියේය.මේ  වන විට හමුදා භටයින් එක් ලක්ෂ පනස් දහසක් පමණ උතුරේ  රඳවා ඇති අතර ඔවුන් සම්පත් විශාල ප්‍රමාණයක් භාවිතා කරන බව මහ ඇමතිවරයා ප්‍රකාශ කළේය. උතුරේ වැසියන් හයේ දෙනෙකිට එක් හමුදා භටයෙක් බැගින් සිටින බව මහ ඇමතිවරයා පෙන්වා දුන්නේය.

‘ඔවුන් අපේ ඉඩම් වල ඉන්නවා. ධීවර කර්මාන්තයේත් ඉන්නවා. ව්‍යාපාරවලත් ඉන්නවා. එය යාපනයේ ජන ජීවිතයට ලොකු බලපෑමක්. යාපනයේ වැසියන් 6 දෙනකුට සෙබළකු බැගින් සිටිනවා. දීර්ඝ කාලයක් එක ප්‍රදේශයක හමුදාව රඳවා තැබීමෙන් නොයෙකුත් ක්‍රියා සිදුවිය හැකියි. කාන්තාවන්ගේ ආරක්ෂාව නැති විය හැකියි. මද්‍යසාර භාවිතය හා බෙදාහැරීම වැඩි විය හැකියි. විශේෂඥයන් මේවා ගැන පර්යේෂණ කළ යුතුයි. පිළියම් යෙදිය යුතුයි.‘

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!