උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ- රුවන් විජේවර්ධන

 

6ce5e20af0b0989ea7efc36e4b6d78db_L

 

 

උතුරේ ආරක්ෂාවට යොදවා ඇති කිසිම හමුදා කදවුරක් ඉවත් නොකරණ බවත් හමුදා සේනාංක අඩු කිරීමක් සිදු නොකරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (06) යාපනයේදී පැවසීය.

යාපනයේ හමුදා නිලධාරීන් අමතමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රජය ගෙන ආ අයවැයේ සියලු සහන රණවිරුවන්ට අයත් බවත් පසුගිය රජය මෙන් හමුදා භටයින්ට නුසුදුසු කාර්යයන් සිදු කිරීමට වත්මන් රජය පියවර නොගන්නා බවත්ය.

සාමසාධක හමුදාවක් වශයෙන් විදේශ රටවල සේවය කිරීමට ඇති අවස්ථාවන් වැඩි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම යාපනයේදී පැවසීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හෙට මුලතිව් සහ වව්නියාව ප්‍රදේශවල සංචාරය කරනු ඇති.

No withdrawal of army camps from the North.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.