උතුර ගැන මහින්ද ගේ කඳුළු

අද උතුරේ උසාවිවලට පොලිස්ථානවලට ගල් ගහනවා. එදා LTTE පටන් ගත්තෙත් එහෙම තමා. මේක භයානක තත්වයක් හා මුල පිරීමක්. ඉතිහාසය ගත්තාම ඔහොම තමයි LTTE එක ආරම්භ උනේ. ඒක නිසා පොලිසිය ක්‍රියාත්මක වෙන්ඩ ඕන. උතුරේ නිතිය එක ක්‍රමයටත් දකුනේ නිතිය එක ක්‍රමයටත් ක්‍රියාත්මක කරන්ඩ බැහැ. රටේ එක නිතියක් පවතින්ඩ ඕනා. සාමය තියෙන්ඩ ඕනා. මේ තත්වය ඉක්මනින් වෙනස් කිරිමක් කරන්ඩ ඕනා.” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා මහියංගනයේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඔහු මෙලෙස ප්‍රකාශ කරන්නේ පසුගියදා යාපනය කයිට්ස්හි සිසුවික සමූහ දූෂණය කර ඇය ඝාතනය කිරිමට සම්බන්ධ සැකකරුවන් පෙරේදා(20) උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇතිවූ උණුසුම් කාරී තත්ව මත පදනම් වෙමිණි. ‍

 මොරටුවේ  සහ දොම්පේ පොලිස් භාරයේ සිටි තරුණයින් මියගිය විටත් මහින්ද රාජපක්ෂ  මහතා මේ ආකාර ප්‍රකාශ කළේදැයි විමසිය යුතුව ඇත.abc314

මෙම තත්වය හුදු සාපරාධී අපරාධයක් සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති වූ ප්‍රකෝපකාරී තත්වයක් වන අතර පසුගිය දසක දෙක තුළ උතුරේ හෝ නැගෙනහිර නොවන පළාත්වලද මෙවැනිම ප්‍රකොපකාරී තත්වයන් හට ගත්තේය.

වැල්ලවත්ත පොලීසියට පහරදීම, මාධ්‍ය වේදීන්ට පහරදීමට එරෙහිව මාධ්‍යවේදීන් මහව පොලීසියට එරෙහිව උද්ඝෝෂණය කිරීම, කෝට්ටේ මහ නගර සභාවේ සභාපතිවරයාව පැහැරගැනීමට සුදු වෑන් රථයකින් පැමිණී පිරිස නිරුපද්ධිතව නිදහස් කර හැරීමට එරෙහිව එම ප්‍රදේෂයේ ජනතාව එම පොලීසියට එරෙහිව උද්ඝෝෂණය කිරිම, බොදු බල සේනා සංවිධානය අවස්ථා කිහිපයකදීම අමාත්‍යාංශ පොලීසි ආදියට කඩා වදිමින් එහි රාජකාරියේ නිරත නිලධාරීන්ට බාධා කිරීම වැනි උදාහරණ බොහෝමයක් තිබේ.

 

රාජපක්ෂ සමයේදී කයිට්ස් වැනි ප්‍රදේශවල රාජ්‍ය මැර කල්ලි පොලීසි පවා නිහඬ කරමින් කටයුතු කරගෙන ගිය අතර අද ඔවුන්ගේ විනාශකාරී සාපරාධී කටයුතුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මකවෙද්දී එය වැලැක්වීමේ අරමුණෙන් කලකෝලාහල ඇති කිරීමටත් එය ජාතිවාදී ස්වරූපයකට ගෙන ඒමටත් දඟලන පිරිසට මහින්ද රාජපක්ෂගේ උක්ත ප්‍රකාශය උඩගෙඩි දීමක්ය. රාජපක්ෂ කල්ලියටම අද අවශ්‍යව ඇත්තේ උතුරෙත් දකුනෙත් ජාතිවය වපුරා සිංහල ජාතිවාදීන්ගේ කර මතින් බලයට පැමිණ ශ්‍රී ලංකා භූමිය ලෙයින් නැහැවීමටද?

යාපනයේ සිසුවිය දූෂණය කිරීම කොන්ත්‍රාත්තුවක් - මෙන්න ඇත්ත

 

යාපනය කයිට්ස් පුංකුඩතිව් හී 18 හැවිරිදි පාසල් සිසුවිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන මස කයිට්ස් පොලිසියේ කොස්තාපල්වරියක හා විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිට තිබෙන බව වාර්තා වෙයි.

කයිට්ස් වේලනි ප්‍රාදේශීය සභාවේ ජල බවුසරයේ රියදුරෙකු ‍වන මොහු කයිට්ස් පොලිස් ස්ථානයේ ජල ටැංකියට ජලය සැපයීම සඳහා නිතර පැමිණීමෙන් පොලිස් නිලධාරීන් සමඟද සුහදව කටයුතු කර තිබෙන බවත් දැනගන්නට තිබේ.

ඝාතනයට ලක් වූ සිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ මව මෙයට කලකට පෙර පුද්ගලයින් තිදෙනකුට එරෙහිව අධිකරණයේ සාක්ෂි ලබාදීමේ සිද්ධියක් මෙම ඝාතනයට මුල්වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. එම පුද්ගලයින් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ඔහුගේ හිතවතුන් සිව් දෙනකු සිසුවිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කර තිබෙන බවට පොලිස් පරීක්ෂණ මඟින් හෙළිවී තිබේ.

සිසුවිය ඝාතනය කිරීම සඳහා රුපියල් 50000/-ක මුදල් ලබාදීමේ පොරොන්දුවක් මත මුලින් රුපියල් 10000/-ක් ලබාදී තිබෙන අතර ඉතිරි මුදල ඝාතනයෙන් පසු ලබාදීමට කොන්ත්‍රාත්තුව ‍බාරදුන් පුද්ගලයින් එකඟ වී ඇත. ඝාතනයට ලක් වූ සිසුවියගේ පියා අංශභාග රෝගයට ගොදුරුව එක්තැන්ව සිටින අතර විසිතුන් හැවිරිදි සොහොයුරු කුලී වැඩකර පවුල නඩත්තු කරන බව වාර්තා වෙයි.

මිය ගිය සිසුවිය උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලබන ඉගෙනීමට දක්ෂ සිසුවියක් බවත් ඇගේ සහෝදරිය උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සැකපිට අත්අඩංගුවට ‍ගත් සැකකරුවන් 08 දෙනා සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණ කිහිපයක් ආරම්භ කර තිබේ.

මේ අතර ඊයේ (21) දිනයේද යාපනයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් යාපන‍ේ භාර පොලිස් නිලධාරීන් සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධ ඇසින් දුටු සාක්ෂි නොමැති හෙයින් ඩී.එන්.ඒ තාක්ෂණය ඔස්සේ සාක්ෂි විමර්ශනය කිරීමට තීරණය කර ඇති බවය.

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.