උතුර ගිනි තැබූ පොලිස් නිලධාරියා කව්ද?

පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කිරීමක් මුල්කරගෙන යාපනයේ ජනතාව නොසන්සුන් වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවෙකු උතුරේ සේවයේ නිරත ඉහළ ‍පොලිස් නිලධාරියෙකුගේ නියෝගයකින් මුදාහැරීම නිසා ‍පොලීසිය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් බව ආරක්ෂක බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් මතෛක් එම නිලධාරියා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ආරම්භ කර ඔහුව උතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන නැති අතර ඒ වෙනුවට යාපනය දිස්ත්‍රික්කයේ සේවයේ නිරත උසස් ‍පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් මාරු කර යවා ඇතැයි යාපනයේ ‍පොලිස් නිලධාරීන් චෝදනා කරති.

ඉහළ ‍පොලිස් නිලධාරියාගේ නියෝගයෙන් මුදාහැර ඇත්තේ 19 වැනිදා වැල්ලවත්තේදී අත්අඩංගුවට ගත් ස්විට්සර්ලන්තයට පලායාමට සූදානමින් සිටි සැකකරුය. යාපනය අධිකරණය අසල කලහකාරී ලෙස එක් රොක්ව සිටි යාපනයේ වැසියන් 20 වෙනිදා ‍පොලීසියෙන් ඉල්ලා ඇත්තේ එම සැකකරුව තමන්ට පෙන්වන ලෙසය. එසේ ජනතාව සැකකරුව පෙන්වන ලෙස ඉල්ලා ඇත්තේ ‍පොලීසිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් බව බුද්ධි අංශ අනාවරණය කරයි.

ස්විට්සර්ලන්තයට පලායාමේ සූදානමින් සිටි සැකකරු එරට හෝටලයක අරක්කැමියකු ලෙස සේවය කරන්නෙක් බව සඳහන්ය. සිසුවිය දූෂණය කරන අවස්ථාවේදී එය ඔහු වීඩියෝ ගත කර ඇති බවට යාපනේ වැසියෝ චෝදනා කරති.එම සැකකරුගේ ඥාතියෙක් විශ්ව විද්‍යාලයක නීති අංශයේ ප්‍රධානියෙක් ලෙස සේවයේ නිරතව සිටින බවත් එම ඥාතියා සහ අදාළ ‍පොලිස් ප්‍රධානියා අතර හිතවත්කමක් ඇති බවත් බුද්ධි අංශ අනාවරණය කරයි.

මෙම සිදුවීම මුල්කරගනිමින් උතුරේ ප්‍රදේශ රැසක හර්තාල් තත්ත්වයක් ඇතිවී තිබේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.