උදයංග වීරතුංග ඉරානයේ?

 

downloadUDAYA

 

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිව සිටියදී අතුරුදහන් වු උදයංග වීරතුංගට අයත් භාණ්ඩ තොගයක් ඉරානයේ සිට කොළඹ වරායට එවීමට සූදානම් වීමත් සමග ඔහු ඉරානයේ සැඟවී සිටින බව මේ වනවිට අනාවරණය වී ති‍‍බේ.

හිටපු තානාපතිවරයා ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට ගොස්  එම භාණ්ඩ වෙනත් පුද්ගලයකු වෙත පැවරීමට ඇටර්නි බලපත‍්‍රයක් සහතික කර දෙන ලෙස කළ ඉල්ලීම ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ප‍්‍රතික්ෂේප කර ඇති බවත් එවැන්නක් සහතික කළ නොහැකි බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා උදයංග වීරතුංගට දැනුම් දී ඇති බවත් විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකා මහීෂනි කොළොන්නේ මාධ්‍ය හමුවකදී එම අනාවරණය සිදු කරමින් ප‍්‍රකාශ කර ඇත.

ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙම අවස්ථාවේදී උදයංග වීරතුංග මහතා සතුව තිබූ රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍රය ඉල්ලා ඇති නමුත් එය නොදෙන බවට වීරතුංග ප‍්‍රකාශ කර තිබෙන බවද විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශිකාව ප්‍රකාශ කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එම ගුවන් ගමන් බලපත‍්‍රය අවලංගු කළ බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් ඒ බව රටවලට දැනුම් දී තිබෙන බවත් අමාත්‍යාංශ ප‍්‍රකාශිකාව කියා ඇත.

යුක්රේන කැරලිකරුවනට ගිනි අවි විකිණී යැයි ඔහුට චෝදනා එල්ල වී ඇති අතර ඔහු සමග රුසියාවේ සිටි සහායකයකුගේ හදිසි මරණය ගැනද මේ වනවිට උදයංග වීරතුංග කෙරෙහි සැක පහළ වී තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!