උදය ආර් සෙනවිරත්න – ජනාධිපති ලේකම්

udaya-senavirathneනව ජනාධිපති ලේකම් ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන උදය ආර් සෙනවිරත්න මහතා පත් කර තිබේ. ඒ මහතා ඊයේ (06) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තේය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි සෙනවිරත්න මහතා මීට මාස කිහිපයකට පෙර විශ්‍රාම ලැබීය.

ඊට පෙර අමාත්‍යංශ ගණනාවක ලේකම්, අතිරේක ලේකම් ඇතුළු තනතුරු ගණනක් හොබවා ඇති ඒ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

එම විශ්ව විද්‍යාලයේම ජන සන්නිවේදනය පිළිබඳ විද්‍යාපති උපාධිය ලබා ඇති ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් සංවර්ධන සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ පළාත් පාලන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබාගෙන ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.