උපාධිධාරී ප්‍රහාරය ප්‍රසන්න ගේ වැඩක්- උපාධිධාරීන්ගේ සංගමය

z_p01-Heavy1ඊයේ (13) බස්නාහිර පලාත් ශ‍්‍රාවස්ති මන්දිරය අසල විරෝධතාවයේ නියැලූණු බස්නාහිර පලාතට අයත් රැකියා විරහිත උපාධිධාරීන් හට පොලීසිය විසින් සිදුකළ පහරදීම හා අත්තඩංගුවට ගැනීම පිළිකුල් සහගත බවත් අත්තඩංගුවට ගත් උපාධිධාරීන් නිදහස් කරන ලෙසත් රැකියාලාභී පවසා සිටී. එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි සහෝදරයා විසින් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කොට ඇති අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන්ය.

එම උපාධිධාරීන්ට එල්ල වුණු ප‍්‍රහාරයේ වගකීම බස්නාහිර පලාත් මහ ඇමතිවරයා විසින් බාරගත යුතු බව ද අපි අවධාරණය කරමු.

එම උපාධිධාරීන් විරෝධතාවයේ නියැලූණේ බස්නාහිර පලාත් මහ ඇමතිවරයා විසින් අසාධාරණ ලෙස සිදුකරන දේශපාලන බඳවා ගැනීම් නතර කර පලාතට අයත් සියලූ රැුකියා විරහිත උපාධිධාරීන් දේශපාලන බෙදීමකින් තොරව බඳවා ගන්නා ලෙස බල කරමිනි.

මීට පෙර අවස්ථා කිහිපයකදී එම උපාධිධාරීන් මහ ඇමතිවරයා සහ පලාත් බලධාරීන් හමුවුවද ඒ සඳහා පිළිගත හැකි පිළිතුරක් ලබාදී නැත. දිගින් දිගටම පලාත් මහ ඇමතිවරයා උපාධිධාරීන්ට බොරු කියමින්, නොමග යවමින් තිබුණු තත්වයක් හමුවේ සතියේ මහජන දිනය වන අද දින එම උපාධිධාරීන් මහ ඇමතිවරයා හමුවීමට පැමිණියේ පිළිගත හැකි විසදුමක් ලබාගැනීම සඳහාය. නමුත් අද දිනයේත් මහ ඇමතිවරයා උපාධිධාරීන් මඟහරිමින් ශ‍්‍රාවස්ති මන්දිරයෙන් නික්ම ගොස් ඇත.

chandana-300x241

 

 

උපාධිධාරීන්ට සිදුකරන මෙම කෙණෙහිලිකම් හා අසාධාරණකම් වහා නැවැත්විය යුතු අතර රටේ උගත් බුද්ධිමත් ප‍්‍රජාව අතර කොටසක් වන උපාධිධාරීන්ට රැුකියා දිනා ගැනීමට වීදි බැසීමට සිදුවීම කණගාටුදායක තත්වයකි. පලාත් තුළ සිටින උපාධිධාරීන්ට රැුකියා ලබා නොදී කටයුතු කිරීම තුළින් මහ ඇමතිවරයාගේ දරදඩු පිළිවෙත ප‍්‍රකාශයට පත්වන බවද අපි අවධාරණය කරමු.

අසාධාරණයට ලක්ව සිටින සියලූම රැුකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමට සියලූ පලාත් සභා සහ මධ්‍යම ආණ්ඩු වැඩ පිළිවෙලක් වහා ආරම්භ කළ යුතු යැයි අවධාරණය කරමු. රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා අයිතිය තහවුරු කරන දේශපාලන පක්ෂග‍්‍රාහි නොවන උපාධිධාරීන් බඳවා ගැනීමේ ජාතික ප‍්‍රතිපත්තියක් වහා නීතිගත කළ යුතු යැයි ද අපි වැඩිදුරටත් අවධාරණය කරමු.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.