උපුල්ට චෝදනා ගොනුවේ

 

6d111cb9b223db509d995e83f66e4fa7_L (1)

 

දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කළ තර්ජනාත්මක ප්‍රකාශයට අදාළව චෝදනා පත්‍රයක් ගොනු කරල ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කළේය.

මෙම නඩුව දෙසැම්බර් මස 12දාට කල්ගිය අතර එදිනට චෝදනා ගොනු පත්‍රයක් උසාවියට ඉදිරිපත් කරන්න ගෙස නියෝග කළේය.

ඩී.වී උපුල් පසුගිය දිනක නාමල් රාජපක්ෂද ළග තබාගෙන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ සියලු නිලධාරීන් ගල්ගසා මරණ බවට සිදු කළ ප්‍රකාශය පිළිබදව හා රාජපක්ෂලාගේ සියලුම හෙන්චයියන් පිළිබදව දැන් අනාරණය වන කරුණු අනුව ඩී.වී උපුල්ගේ මෙම ප්‍රකාශය පිළිබදව පුදුමයක් අැති නොවේ. රාජපක්ෂ පාලනයක් යටතේ මෙරට සමාජයට දායාද වන්නේ එපමණක්මය. පළිගැනීමම තේමාව කර ගත් රාජපක්ෂලාගේ ජඩ කම්,මැරකම් දන්නා ඩී.වී උපුල් මෙවැන්නක් නොපවසා කුමක් පවසන්නද? බළලා මල්ලෙන් පැන්නාක් බදුව රාජපක්ෂ පාලන සමයක් උදාවන තෙක් ඔවුන් බලා සිටින්නේ ප්‍රතිවාදීන්ට ගල් ගැසීමටය.රාජපක්ෂලාට එරෙහි වූවන් මරාදැමීමටය.

එවන් පාලනයකට කිසිසේත් ඉඩ නොලැබෙන බවට දැන් රාජපක්ෂටද වැටහී හමාර නිසා දැන් දැන් අහිංසක පාට් එකකින් ජනතාව ඉදිරියේ පෙනී සිටින්නේ තමා තරම් රටට අාදරයක් අැති වෙනත් කිසිවෙක් නැති බව හගවමිනි. නමුත් ගල් ප්‍රහාර වලින් තෘප්තිමත් වීමට කැමති ජනතාවක් මේ රටේ නැති වග ඔවුන් සිහිපත් කර ගත යුතුය. එබදු අවනීතියකට පාර කපන පාලන සමයකට අවතීර්ණ වීමට සූදානම් වන්නන් අැත්නම් ඒ දූෂිතයන්ම පමණය. පොදු ජනයා අපේක්ෂා කරන්නේ නිදහස් නිවහල් ජනතා අපේක්ෂා මුදුන්පත්වන රටකි. ඒ රට තුළ නායකත්වයට රාජපක්ෂ සුදුසුකම් සපුරා නැති වග දැන් පැහැදිලිය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.