උමගේ හිරවී සිටින තායි දරුවන් සොයා ගන්න සුද්දා සමත් වෙයි!

thai kidsඋමගේ හිරවී සිටින තායි දරුවන්ට සොයා ගන්න සුද්දා සමත් වෙයි! පසුගිය 23 වෙනිදා අතුරුදන් වූ තායිලන්ත දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු, පත්‍යා වෙරළට ආසන්නව ඇති උමගක් තුල සිරව ජීවත් වන බව සොයා ගැනීමට, දරුවන් සෙවීමට ඉදිරිපත් වූ බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවෙකු සමත් වීමත් සමග මුළු තායිලන්ත ජනතාවගේ අවදානය ඔහුට හිමිවිය.
විනෝද චාරිකාවක් සඳහා උමග තුළ ගමන් කරමින් සිටි දරුවන් සහ ඔවුන්ගේ පුහුණුකරු පතිත වූ වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුරෙන් බේරීමට ඒ තුලැති ගල් පර්වතයකට නැග තිබේ. දිගින් දිගටම පවතින ගංවතුරත් අඳුරුව තිබෙන පරිසරයත්, උමගේ කට කිලෝමීටර් 4 ක් පමණ දුරින් පවතින නිසාත් ඔවුන්ට පිටතට ආපසු ඒමට නොහැකිව තිබේ.
දරුවන් සෙවීම සඳහා තායිලන්ත කිමිදුම්කරුවන් යොදාගෙන තිබුණු අතර ඒ අතරට එක්වූ බ්‍රිතාන්‍ය ජාතිකයාට මෙම දරුවන් සොයා ගැනීමට හැකිව තිබේ. දරුවන් සියලුදෙනාම ජීවත්ව සිටින අතර ඒ අවස්ථාව වන විට දරුවන් අධික කුසගින්නකින් පෙලෙමින් සිටි බවද වාර්තා වේ.
මෙම දරුවන්ට උමගින් පිටතට ඒමට නම් කිමිදීමට සිදුවනු ඇත. එසේ නැතිනම් ගංවතුර ගලා බසින තෙක් මාසයක් පමණ එතුළ සිටීමට සිදුවේ. කෙසේ වෙතත් අවශ්‍ය ආහාර පාන හා වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම මේ වන විටත් ක්‍රියාත්මක කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.