උමා ඔයෙන් අනුර කුමාර හෙළිදරව් වේ

anura-kumaraතොරතුරු දැන ගැනීමේ පනතින් ලබා ගත් තොරතුරු අනුව අග්නිදිග වියළි කලාපයේ ජල සම්පත් සපුරා ගැනීමේදී මතුවන ගැටළු සඳහා ඇති එකම විසඳුම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය බව එම ව්‍යාපෘතිය සඳහා මීට වසර 12කට පමණ පෙර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ
අනුර කුමාර දිසානායක මහතා විසින් සඳහන් කොට ඇත. එම යුගයේ දැන් උමා ඔයට විරෝධය පළ කරන සමන්ත විද්‍යාරතන කොහි සිටියේද යන ප්‍රශ්නය මතුවේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස එවකට කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතා 2005 ජනවාරි මාසයේ දී එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බව හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ ගැන සොයා බැලීමට තොරතුරු පනත ඇසුරෙන් ලබාගත් තොරතුරුවලට අනුව පැහැදිලි වනුයේ අනුර කුමාර දිසානායක මහතා ද උමා ඔය සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි. ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන දෙවන අදියර සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දී එය ක්‍රියාත්මක කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය සම්පත් දායකත්වය ලබා ගැනීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව යොමු කිරීමට කැබිනට් අනුමැති ලබා ගැනීම එම කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලා ඇත.

වෙනත් විකල්පයක් නැත

‘‘ශ්‍රී ලංකාවේ අග්නිදිග වියළි කලාපය, විශේෂයෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සංවර්ධනය කළ යුතුව ඇතැයි වන වැදගත් සාධකය සැළකිල්ලට ගත් කළ ඒ සඳහා උමා ඔයේ ජලය අග්නිදිග වියළි කලාපයට හැරවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සඳහන් කළ යුතුය.‘‘ යනුවෙන් ද එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබී ඇත.

මෙම ව්‍යාපෘතියේ අරමුණ ලෙස සඳහන් කර ඇත්තේ අග්නිදිග වියළි කලාපයේ පිහිටි කිරිඳිඔය ද්‍රෝණිගත ජල ධාරිතාව ප්‍රවර්ධනය කොට ඒවා වාරිමාර්ග, ගෘහස්ථ අවශ්‍යතාවන් සහ ජල විදුලි උත්පාදනය සඳහා උපයෝගී කර ගැනීම බවයි. එමඟින් වාර්ෂිකව ඝන මීටර මිලියන 150ක පමණ ජල ප්‍රවාහයක් හැරවීමට යෝජනා කර තිබේ. මෙසේ ජලය හැරවීම තුලින් වර්ෂයකට හෙක්ටයාර් 10,000ක පමණ වූ ඉඩම් ප්‍රමාණයක් වගා කිරීමට අවස්ථාව සැලසෙන අතර අලුත් ඉඩම් හෙක්ටයාර් 1500ක පමණ උක් වගාව සඳහා උපයෝගී කර ගනු ලබන බව ද, ව්‍යාපෘතිය තුලින් මෙගවොට් 90ක විදුලිබල උත්පාදනයක් අපේක්ෂා කෙරෙන අතර ගොවි පවුල් 10,000කට ප්‍රතිලාභ අත්වන බව ද එම කැබිනට් පත්‍රිකාවේ දක්වා තිබිණි.

එවකට ව්‍යාපෘතියේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 15,000කි.

‘‘මෑත අතීතයේදී හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ආර්ථික සංවර්ධනය සඳහා වූ ක්‍රමෝපායන්වල වෙනසක් දක්නට ලැබෙන අතර උමා ඔය කිරිඳිඔයට හැරවීම මෑත භාගයේදී බිහිවූ රුහුණුපුර සංවර්ධනය නව සංවර්ධන සංකල්පයක් වශයෙක් දැකිය හැකිය. රුහුණුපුර යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියට හම්බන්තොට වරාය කලාපයේ නවීනතම වරායන්වලින් එකක් බවට සංවර්ධනය කිරීම, මොණරාගල දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හා ඛණිජ තෙල් පිරිපහදුවක් ඇති කිරීම අයත් වේ. ‘‘ යනුවෙන් ද කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබේ.

හම්බන්තොට

හම්බන්තොට වරාය ඉදි කිරීම තුලින් ඉන්දියන් සාගරයේ යාත්‍රාකරන නැව් විශාල සංඛ්‍යාවක් හම්බන්තොට වරායට පිවිසීමේ ප්‍රවණතාවයක් පවතින බව ද අනුර කුමාර දිසානායක මහතා විසින් 2005 වසරේ දී ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

‘‘සංචාරක ව්‍යාපාරය ඇතුළුව කර්මාන්ත විශාල සංඛ්‍යාවක් හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශවල බිහිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එකී නව සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා 2030 වසර සඳහා ඝන මීටර මිලියන 100ක ජල සැපයුමක් අවශ්‍ය වන බව ගණනය කොට ඇත. මේ සඳහා අවශ්‍ය ස්ථිර ජල සම්පත් මේ ප්‍රදේශයේ නොමැති බැවින් එම අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඇති එකම විකල්පය උමා ඔයෙන් ජලය ලබා ගැනීම බව ප්‍රත්‍යක්ෂ වී ඇත. එබැවින් කෘෂිකාර්මික අවශ්‍යතාවන් තහවුරු කරමින් සීඝ්‍රයෙන් බිහිවෙමින් පවතින කර්මාන්ත ව්‍යාපාර සහ පානීය ජල අවශ්‍යතාවන් සපුරාලීම සඳහා උමා ඔයෙන් හැරවූ ජලය උපයෝගී කර ගැනීමට සිදුවී ඇත.‘‘ යනුවෙන් ද කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබිණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.