උමා ඔය මගඩි පාරිසරික වාර්තාව ගැන ජපුර ඇයි නිහඬ?

uma oyaශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් නිකුත් කරන පාරිසරික අගැයීම් වාර්තා පිළිනොගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත. මේ සබන්ධයෙන් විශ්ව විද්‍යාලයේ ස්ථාවරය තවමන්ත් හෙළිදරව් වී නැත.

නොසැලකිලිමත් ලෙස තම රාජකාරි කිරීම බරපතල විශාමාර ක්‍රියාවකි. මේ සම්බන්ධයෙන් කටයුතු කොට විශ්වවිද්‍යාලයට සිදු වූ අපකීර්තිය පිළිබඳව හොයා බැලීමේ වගකීම පැවරෙන්නේ විශ්ව විද්‍යාල පාලක සභාවටයි.

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය සඳහා ශ‍්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය විසින් ඉදිරිපත් කළ පාරිසරික අගැයීම් වාර්තාව හා ඒ පිලිබඳව එහි විද්වතුන් පළ කළ අදහස්වල ඇති පරස්පරතාව නිසා මෙම තීරණය ගත් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මරවින් ලාල් ධර්මසිරි මහතා පවසයි.

Uma Oyaඋමා ඔය ව්‍යාපෘතිය ඌව පරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල, ඇල්ල, හාලි ඇළ හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන් 6 ක ජනතාවගේ හිස මත කඩා වැටුණු ඛෙදවාචකයක් බව ට පත්වී ඇතැයි ඔබ ද දන්නේ යැයි සිතමු. එම ව්‍යාපෘතියේ පරිසර ඇගයීම් වාර්තාව සකස් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මගින් යැයි කියනු ලැබේ.

පාරිසරික වාර්තාව මගින් උමාඔය ම්ගඩියට ලයිසන් ලබාදුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්වර්ණා පියසිරි මහත්මිය ප්‍ර‍මුඛ කණ්ඩායමක් විසින් සකස් කරන ලද පාරිසරික ඇගයිම් වාර්තාව මුළුමනින්ම ව්‍යාජ ලියවිල්ලක් බව මේ වන විට සහතික වෙමින්පවතී.

ව්‍යවහාරික භාෂාවෙන් කියන්නේ නම් එම වාර්තාව ‘පට්ටපල් බොරුවකි‘. ඊට අදාලව නැගෙන ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම පාලක සභාවේ වහකීමයි.
ප්‍රශ්න 9 කි.සියළු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න – මේ පිළිබඳ ඔබගෙන් ඉක්මන් පිළිතුරක් අපේක්ෂා කරමු.

1. අදාළ පරිසර ඇගයීම් වාර්තාව සකස් කිරීම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා වාරි මාර්ග අමාත්‍යාංශය සමග කුමන ආකාරයක හෝ ගිවිසුමක්, එකඟතාවයක් ඇති කොට ගත්තේ ද? එසේ නම්, එම එකගතාව/ගිවිසුම පිටපතක් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.

2. අදාළ පරිසර වාර්තාව සඳහා විශේෂඥයින් තෝරා ගැනීමේ දී විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශය විසින් හෝ එවැනි වෙනත් වගකිවයුතු මණ්ඩලයකින්/අධිකාරියකින් අනුමැතිය ලබා ගත්තේ ද?

3. මුලික වශයෙන් ඉංජිනේරුමය කාර්යයක් වන මේ සඳහා අවම වශයෙන් ඉංජිනේරු පීඨයක් හෝ නොමැති ඔබ විශ්වවිද්‍යාලය ඉදිරිපත්වීමට යම් සුවිශේෂ වූ හේතුවක් තිබුනාද? ඒ කුමක්ද?

4. අදාළ විශේෂඥයින් තෝරා ගැනීම සඳහා පදනම් වූ නිර්ණායක පවතී ද? එසේ නම් ඒ මොනවාද? එහි පිටපතක් ලබා ගත හැකි ද?

5. සත්ත්ව විද්‍යාව පිළිබඳ විශේෂඥතාව සහිත පුද්ගලයින් 6 දෙනෙකු හෝ එයට වැඩි සංඛ්‍යාවක් මෙම කමිටුවට ඇතුලත් කිරීමට පදනම් වූ හේතු සාධක කවරේ ද? කණ්ඩායම් නායිකා මහාචාර්ය පියසිරි මහත්මියගේ පුද්ගලික දැන හැඳුණුම්කම් හැර ඒ සඳහා බලපෑ වෙනත් සාධක පවතී ද?

6. තමන් අදාළ කේෂ්ත්‍ර‍යන් සම්බන්ධයෙන් මෙම විශේෂඥතාව ඇති පුද්ගලයින් විසින් ලබා දුන් නිරීක්ෂණ හෝ නිර්දේශ සියල්ල හෝ කොටසක් හෝ විශ්වවිද්‍යාලයේ එවකට සිටි උපකුපලපතිවරයා හෝ වෙනත් බලධාරියෙකු ගේ අවශ්‍යතාව මත ඉවත් කරනු ලැබුවේ ද? එසේ නම් එම කොටස් මොනවාද?

7. මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවීමෙන් පසුව පරිසර ඇගයීම් වාර්තාවක් වෙනුවෙන් ලැබුණු වැඩිම පැමිණිලි සංඛ්‍යාව (101) ක් ලැබීමෙන් පසුව හෝ එයට හේතු වූ කරුණු පිළිබඳ පසු විපරමක් කරනු ලැබුවේ ද? නොඑසේ නම් ඒ ඇයි?

8. ඇමරිකානු ඩොලර් මිලියන 248 ක් හෝ එයට වැඩි දුෂණයක් සිදු කිරීම සඳහා පාදක ලියවිල්ලක් බවට පත් කොට ගත් පරිසර ඇගයිම් වාර්තාව තුලින් අයථා වාසි ලැබූ පුද්ගලයින් වේ දැයි විශ්වවිද්‍යාලය මගින් පරීක්ෂණයක් සිදු කරන්නේ ද? නැතිනම් ඒ මන්ද?

9. ඔබ විශ්වවිද්‍යාල මගින් සකස් කළ බව කියන වාර්තාවක් මත පදනම්ව සිදු කල සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් සිදුව ඇති ඇදහිය නොහැකි විනාශය පිළිබද ඔබ ආයතනය දක්වන ‘සමාජ වගකීම‘ කුමක් ද?

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.