උමා ඔය විරෝධය උඩුගං ගලයි

Uma Oya
Photo Courtesy : lankadeepa

උමා ඔය ව්‍යාපෘතියට එරෙහි දැවැන්ත හර්තාලයෙන් බණ්ඩාරවෙල නගරය උණුසුම්ය. මෙතෙක් නොවූ විරූ ජන ගඟක් බණ්ඩාරවෙල නගරයට පැමිණ ඇත. බුලත්විට කඩයක්වත් නගරයේ විවෘතව නැත. අහස කළු කොඩිවලින් වැසී තිබේ. අට දහසකට අධික පිරිසක් මේ අවස්ථාවට එක් වී සිටිති.
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට රටම බරපතල අනතුරකට පත්ව ඇති බැවින් ඊට එරෙහිව අද (28) දින දැවැන්ත කළු හර්තාලයක් පවත්වන බවත් ඊට කන්දී ඉල්ලීමවලට විසඳුම් ලබා නොදුනෙත් ඉදිරියේදී මීටත් වඩා බරපතල තීන්දු කිහිපයක එළඹීමට විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව ජනතා පෙරමුණ තීන්දු කර ඇති බවත් දන්වමින් එහි කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න විසින් අද පෙරවරුවේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේය.

මෙම ගැටළුව විසඳීම සඳහා විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව ජනතා පෙරමුණ විසින් කරනු ලබන යෝජනාද එහි ඇතුළත් කර තිබේ.umaoya2
උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් අප ප්‍රදේශවලට සිදුව ඇති විනාශයට පිළියම් සෙවීම, වහ වහා දිය කාන්දු වැලැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලීම, ඉදිරි ඉදිකිරීම් වහා නවතා විධිමත් විද්‍යානුකූල පරීක්ෂණයක් නොපමාව පැවැත්වීම, දැනට සිදුව ඇති විනාශයන් සඳහා නොපමාව ජනතාවට සාධාරණය ඉටු කරමින්සහන හා වන්දි ලබාදීම, අනාගත විනාශයන් වැලැක්වීමටත් ජන ජීවිතය යථාවත් කිරීමටත් විද්වත් කණ්ඩායමක් යොදවාවිද්‍යානුකූල සැලැස්මක් සකස් කර ඒ සඳහා නව ව්‍යාපෘතියක්ද ඊට අදාල ප්‍රතිපාදනද නොපමාව ලබාදීම යන ඉල්ලීම් මේ ලිපියෙන් ඉදිරිපත් කර තිබේ.

ඉහත ඉල්ලීම් ලබාදීම වෙනුවෙන් වූ ජනාධිපතිතුමා මූලිකත්වය ගනු ලබන සාකච්ඡාවක් අවම ලෙස ඉදිරි දින 05 ඇතුළත ලබාදෙන ලෙසත්, එම සාකච්ඡාව බණ්ඩාරවෙලදී කරන ලෙසත්, එම සාකච්ඡාවට පෙර ජනාධිපතිවරයා හානියට පත් ස්ථාන කිහිපයක් පරීක්ෂා කිරීමට පැමිණිය යුතු බවටත් එම සංවිධානය යෝජනා කරන්නේය. මෙම යෝජනාවට එකඟ නොවන්නේ නම් තම සංවිධානය ඉදිරියේදී ජනතාව සමඟ රටේ බහුජන සංවිධාන එකමුතුවෙන් දැඩි ක්‍රියාමාර්ග කිහිපයක් ගැණීමට සූදානම් බවත් එහි සඳහන්ය.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මේ අතර අද දහවල් පුවත්පත් සාකච්චාවක් කැඳවනු ලැබුවේ උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධව රජයේ ස්ථාවරය කියන්නටය. පුවත්පත් සාකච්ඡාව පවත්වා හරීන් කීවේ ව්‍යාපෘතියේ වියදම ඩොලර් මිලියන 534 බවත් දැනට ඩොලර් මිලියන 324 ක් ගෙවා ඇතිබවත් දැන් මෙම ව්‍යාපෘතිය නවත්වන්ට යෑම රජයට පාඩුවක් බවත් කීවේය. දැන් මෙම ව්‍යාපෘතිය නැවැත්විය නොහැකි බවත් එය දෙස ආණ්ඩුවට බලා සිටින්නට සිදුවන බව ඔහුගේ කතාවෙන් කියැවුණේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.