උමා හරිම දඟයි

umaඋමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් මධ්‍යම කදුකරය භඣමියේ ඒකාබද්ධතාවය බිද වැටීමේ අවදානමක් පවතින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) ප්‍රකාශ කළේය.

ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට භෞතික සම්පත් විනාශයක්ද මහජන පීඩාවන්ද පාරිසරික විනාශයන්ද නොකඩවා සිදුවෙමින් තිබෙනවා. නිවාස 4625 ක් පුපුරා ඉරිතලා විනාශ වී ඇති අතර ඒ අතර පූජනීය ස්ථානද, පාසල්ද ගණනාවක් පවතිනවා. ලිං, උල්පත්, දිය කඳුරු, ඔයවල් 233 ක් සහමුලින් සිදී වියළි ගොස් තිබෙනවා. බහුතරයක් ගොවිජනතාව ජිවත්වන මේ කලාපයේ ජල මූලාශ්‍ර සිදීයාම හේතවෙන් අක්කර දස දහස් ගණනක වගාබිම් අත්හැර දමා අවසන්. අප රටේ ඉතා සෞම්‍ය දේශගුණයකින් යුත් ස්වභාව සෞන්දර්යෙන් අනූන වූ කලාපයක සිදුවෙමින් පවතින මෙම මහා විනාශයේ ප්‍රධානම හානියට ලක්වන නගරය බවට අද වන විට බණ්ඩාරවෙල නගරය පත්වී තිබෙනවා.

ප්‍රදේශවාසින්ට අනුව මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන උමග සඳහා ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කරඳගොල්ල ගම්මානයේ සිට වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉදිකරමින් පවතින ඩයරබා ජලාශය දක්වා කිලෝමිටර් 15.2 ක දිගකින් යුතුව කැනීම් කළ යුතුව තිබෙනවා. මේ වන විට මෙහි භු අභ්‍යන්තරයේ වන ජල කාන්දුව දිනකට වතුර ලීටර් 84326400 ක් වෙනවා.
විශේෂයෙන් මේ වන විට මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම පුරා ඉරිතලා පුපුරා යාම් දක්නට ලැබෙනවා. මෙම පිපිරිම් මතුපිට ඇති වූ පිපිරිම් නොවන බවත් මෙම පිපිරිම්වල ආරම්භය අඩි 600 – 700 යටින් යන උමගේ සිට සිදුවන බවට නොනිල ලෙස දැනගන්නට ඇතැයි ජනතාව පවසනවා. තත්ත්වය

මෙසේ නම් මෙම කදුකර භඣමියේ ඒකාබද්ධතාවය බිද වැටි ඉදිරියේ ඇතිවන මහ වැසි සමඟ හෝ සුළු හෝ භඣමිකම්පනයකදී ඉතා බරපතල හානි සිදුවීමේ අවදානමක් පවතිනවා. උමා ඔය ව්‍යාපෘතිය ඇරóමට පෙර ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කරනු ලැබුවේද? එසේනම් අද උද්ගතවී ඇති පාරිසරික ගැටලූ හදුනාගනු ලැබ තිබුණේද? ඒවාට විසදුම් යොජනා කර තිබුණේද? ව්‍යාපෘතිය හේතුවෙන් අවදානමට ලක්ව ඇති කලාපය දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කරනු නොබන්නේ මන්ද? සිදුවී ඇති පාරිසරික හා භෞතික විනාශ්‍යන් හදුනා ගැනීමට විද්‍යාත්මක පරික්ෂණයක් හා ඇස්තමේන්තුවක් සිදුකරනු ලබන්නේද? එය සභාගත කිරිමට කටයුතු කරන්නේද? විනාශයේ ගොදුරු බවට පත් වූ ජනතාවට සාධාරණය ඉටුකිරිමට ගන්නා වූ පියවර කුමක්ද? අනාගතයේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවිය හැකි පාරිසරික හානිය අවම කරගැනීමටත් ජීවිත හා දේපළ හානි අවම කර ගැනීමටත් ඉදිරියේදි ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.