ඌව මහ ඇමති අඩියක් පස්සට

chamara-sampath-1තමන් දරන ඌව පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි. බදුල්ල දෙමල මහා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට කැදවා දණ ගැස්වූයේ යයි එල්ල වී ඇති චෝදනා සම්බන්දයෙන් සිදු කරන පරීක්‍ෂණ සදහා සහයෝගය දැක්වීමක් ලෙස එම පරීක්‍ෂණ අවසන් වන තෙක් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු කියා සිටී.

කෙසේ වෙතත් පළාත් මහ ඇමති ධුරයේ දරනු ලබන සෙසු අමාත්‍ය ධුරයෙන්ගේද ඒ ආකාරයෙන්ම මහ ඇමතිවරයා රැුදී සිටිනු ඇත. මේ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා ලබන නිලධාරින්ද සිටින ස්ථාන වලින් ඉවත් කළ යුතුව ඇත.

අපහාස පැමිණිල්ලක්

බදුල්ල මූලස්ථාන පොලීසිය විසින් පෙරේදා (21) දින ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සහ ලංකා ගුරුසේවා සංගමයේ උප ලේකම් ප්‍රියන්ත වර්ශමාන, එම සංගමයේ ඌව පළාත් ලේකම් නන්දන හපුගෙදර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු තිදෙනා තමන්ට අපහාස කළේ යැයි පවසමින් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල මූලස්ථාන පොලීසිය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව එම ප්‍රකාශය ලබාගෙන තිබේ.

පොලීසියට එම ප්‍රකාශය ලබාදෙමින් සමන්ත විද්‍යාරත්න මහතා විසින් පැහැදිළි කර ඇත්තේ තමන් විසින් අනාවරණය කළ කරුණු සත්‍ය තොරතුරු මත පදනම්ව සිදුකළ ප්‍රකාශයක් බවත් මේ වනවිට මතුව ඇති තත්වය අනුව තමන් විසින් සිදු කළ අනාවරණය කළ ආකාරයටම එම විදුහල්පතිනියට මහ ඇමතිවරයා ඉදිරියේ දණින් වැටීමට සිදුවී ඇති බව ඇය විසින්ම ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව මෙය මහ ඇමතිවරයා විසින් ගොනු කර ඇති අසත්‍ය පැමිණිල්ලක් බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.