එක්සත් ජාතික පක්ෂයෙන් පිංපොන්

 

මහින්ද පාර්ශවයෙන් ආවොත් 20 ට එජාප සහාය නෑ - කබීර් හෂීම්

 

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විසිවැනි (20) සංශෝධනය මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාර්ශ්වයෙන් ගෙන එන්නේ නම් ඊට කිසිලෙසකින්වත් එක්‌සත් ජාතික පක්‌ෂයේ සහයෝගය ලබා නොදෙන බව එම පක්‌ෂයේ මහ ලේකම් ඇමැති කබීර් හෂීම් මහතා පවසයි.

එක්සත්  ජාතික පක්ෂය මෙහිදී සලක බැලිය යුත්තේ සංශෝධනයේ අඩංගු කරුණු මිස එය ගෙනෙන්නේ කවුරුන්ද නොවන බව මධ්‍යස්ත විචාරකයින් පෙන්වා දෙති.

විසිවැනි සංශෝධනය යටතේ පවතින ඡන්ද ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධව ප්‍රථමයෙන් කතා කළේත් එවැනි සංශෝධනයක්‌ සකස්‌ කළෙත් එක්‌සත් ජාතික පක්‌ෂය බව පවසන හෙතෙම එය තවදුරටත් සංශෝධනය කරමින් ගෙන එනවා වෙනුවට මහින්ද පාර්ශ්වයේ කඩාකප්පල්කාරීන් පිරිසක්‌ කල් මැරීමේ උපායක නිරතව සිටින බවට චෝදනා කළේය.

එක්සත් ජාතික පක්ෂය කියන මේ කථා පරස්පර විරෝධිය.කවර පර්ශවයකින් හෝ සංශෝධන ඉදිරිපත් වේ නම් එක්සත් ජාතික පක්ෂයේ වගකීම වන්නේ අ සංශෝධන පිළිබඳව අදහස් පළකිරීම මිස

විවිධ  පාර්ශව ගැන මත පළකොට ප්‍රශ්නය මග හැරීම නොවේ.

පසුගිය ජනාධිපති වරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට කැපවූ සියලු පාර්ශ්ව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වෙනුවෙන් කැප වී ක්‍රියා කළ බවත් ඒ අනුව සකස්‌ කළ සංශෝධනය පැත්තකට තල්ලු කර මහින්දවාදීන්ගේ බලපෑම මත ගෙන එන ව්‍යවස්‌ථා සංශෝධනයට කිසි ලෙසකින්වත් සිය ෂක්‌ෂයේ සහයෝගය නොලැබෙන බවත් මහලේකම්වරයා පැවැසීය.

ජනාධිපති අගමැති සහ අනෙකුත් පාර්ශ්වයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර සකස්‌ කරන ලද 20 වැනි සංශෝධනයේ අඩුපාඩු තිබෙනවා නම් ඒ ගැන ජනාධිපතිවරයා සමග ඕනෑම වෙලාවක සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට සිය පක්‌ෂ සූදානම් නමුත් නොකෙරෙන හේතු ඉදිරිපත් කරමින් මැතිවරණයට මුහුණ දීමට බියෙන් කල්මැරීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන පාර්ශ්වයන්ගේ අතකොළු බවට පත්වීමට එජාපය සූදානම් නොමැති බවද ඔහු පැවසීය.

විශ්වාසභංග ගෙන එන බව පවසමින් මහින්ද රාජපක්‌ෂ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් ජනතාව නොමඟ යෑවීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරමින් සිටින බව පැවැසූ කබීර් හෂිම් මහතා හැකිනම් විශ්වාසභංග ගෙනවිත් ඡන්ද විමසුමකට එන ලෙස සිය පක්‌ෂය ඔවුන්ට අභියෝග කර සිටින බව වැඩිදුරටත් අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය මේ කරන්නේ මහින්ද රජපක්ෂවාදීන් ආරම්භ කළ පිං  පොන් ක්‍රීඩාවට දිරි දීමයි.

පිං  පොන් ක්‍රීඩාව කරමින් කාලය මරා ගත තරමට රාජපක්ෂ අනුගාමිකයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර රැකගත හැකිය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!