එජනිස මංගල රැලිය අනුරපුරයේ

mahinda-maithi-ranilශ්‍රි ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සංධානය ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්‌ක කර පවත්වන මංගල රැලිය ලබන 10 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඉතිහාසයේ කිසිදා නොදුටු මහා ජනගඟක්‌ අනුරාධපුරයට කැඳවා මුල්ම රැලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.

එජාපය මහනුවරින් වැඩ අල්ලයි

එක්‌සත් ජාතික පක්‌ෂය ලබන 18 වැනිදා මහනුවරින් ඉදිරි පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන අපේක්‌ෂකයන්, පාක්‌ෂිකයන්ගේ සහභාගිත්වයෙන් එම කටයුතු ආරම්භ කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

පොහොට්‌ටුවේ මංගල රැලිය අද කඩවතදී 

පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන පළමු රැලිය අද (06 වැනිදා) කඩවතදී පැවැත්වෙයි.nහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැලිය අද සවස 3.00 ට පැවැත්වීමට නියමිතය.

එක්‌ දිස්‌ත්‍රික්‌කයකට ප්‍රධාන රැලි දෙක බැගින් සංවිධානය කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. මේ යටතේ හෙට 07 වැනිදා පුත්තලම සහ 13 වැනිදා ඇහැලියගොඩ යන ප්‍රදේශවල ද රැලි සංවිධානය කර ඇත.

මෙම සියලුම රැස්‌වීම් පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බව ද, ඒකාබද්ධ විපක්‍ෂ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ද මේ සඳහා එක්‌වන බව ද එම පෙරමුණ වැඩිදුරටත් පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.