එජාපයට මහින්ද හොරා කියනු බැහැ – ජවිපෙ

vijitha herathජවිපෙ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන නමුත් මේක හරියට කේතලේ මුට්ටියට කළුයි කිව්වා වගේ වැඩක් යැයි ජනතා විමුක්ති පෙරමුණ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් විජිත හේරත් පැවසීය.

“විශ්වාසභංගයයේදී රවී කරුණානායක ඇමතිවරයාට විරුද්ධව ඡුන්දය දීමේන් හොරු සමඟ එකට හිටගැනීමක් කොහෙත්ම අදහස් වෙන්නේ නැහැ.” යැයි විජිත හේරත් පැවසීය.

මෙම විශ්වාසභංගය ගෙනෙන අයගේ සදාචාරය මෙන්ම ඊට පාත්‍ර වූ අයගේ සදාචාරය වෙනස් නැති බව විජිත හේරත් පෙන්වා දුන්නේය.
.
උදෘත කීපයක්
“රාජපක්‍ෂ ආණ්ඩුව කාලේ ගමේ එක්සත් ජාතික පාක්‍ෂිකයා ගමේ කඩ මණ්ඩියට ගිහින් බය නැතිව කිවුවා ‘මහින්ද හොරා’ කියලා. අද ඔවුන්ට එහෙම කියන්න බැහැ. අද එහෙම කියපු ගමන් අහනවා ‘ඇයි ඔහෙලගේ ලොක්ක’ කියලා”

“පසුගිය පාලන සමයේ සිදුවූ ඇවන්ගාඞ් සිදුවීම ආරක්ෂා කිරීමට ප‍්‍රබල ඇමතිවරු තිදෙනෙක්ම එම වංචාව යටගහන්න කටයුතු කළා. අපි ඒ ඇමතිවරුන් පිළිබඳව ජනතාවට හෙලිදරව් කළා. ඒවායේ ප‍්‍රතිඵලයක් විදිහට තිලක් මාරපන අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට සිදුවුණා. තාවකාලිකව එහෙම කරලා සිදුවීම යටපත් කරලා දැන් නැවතත් ඔහුට ඇමතිකමක් දී තිබෙනවා.”

“රාජිත ඇමතිවරයා පසුගියදා කියා තිබුණා, රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් එක්ක බැලූවාම මේක ලූනු බිකක් කියලා. ඔහුත් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. රවීගේ වැරැද්ද ලූනු බිකක්නම් ඒ කාලයේ ඔවුන්ගේ, ඔවුන්ගේ ආණ්ඩුවේ හොරකම් කොහොමදැයි ජනතාවට සිතාගත හැකියි. ඔහු ධීවර ඇමති ලෙස හිටපු කාලයේ මෝදර ධීවර වරාය විදෙස් සමාගමකට බදු දීමේදී සිදු කරන ලද වංචාව රුපියල් කෝටි 47ක් පමණ වෙනවා.”

“ෆයිසර් මුස්තාපා ඇමතිවරයා කියනවා, හොරකම් නැති ආණ්ඩුවක් මේ රටේ තිබිලා නැහැ කියලා.”

“දැන් බැසිල් කියනවා, එයාලා හොරෙන් ප්ලේන්ටියක්වත් බීවේ නැහැ කියලා. එහෙනම් මල්වානේ මාළිගය හැදුවේ කොහොමද ඒ සල්ලි ආවේ කොහොමද?’

“දැන් බැඳුම්කර කොමිසම මේ පරීක්‍ෂණය මෙහෙයවනවා. ඔවුන්ගේ අවසන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි. ඔවුන් නැවත මෙය අධිකරණය වෙත යොමුකළ යුතුයි. මේ කි‍්‍රයාවලිය අවසන් වෙනකොට තව අවුරුදු දෙක-තුනක් යනවා. ඒ වෙනකොට මේ ආණ්ඩුවේ ආයුෂ ඉවරයි. ඒ කියන්නේ කිසිදු චූදිතයෙකුට මේ ආණ්ඩුවේ කාලය ඇතුළත දඬුවම් ලැබෙන්නේ නැහැ කියන එක.”

“ඉතා පැහැදිලියි මහ බැංකුව තිබුණෙත් තිබෙන්නෙත් අගමැතිවරයා යටතේ. එහි අධිපතිවරයා හැටියට අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ ඔහුයි. ඔහු වගකිව යුතුයි.”

“අපිට පේන දේ තමයි කොමිසම් පිහිටුවලා, සාක්‍ෂි කැඳවලා වාර්තා හදලා නීතිපති වෙත යවලා, නඩු කි‍්‍රයාවලිය යනකොට බොහෝ කාලයක් යනවා. ඒ අනුව බැඳුම්කර හොරුන්ට මේ ආණ්ඩුව යටතේ දඬුවම් ලැබෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි.”

“මේ කම්බා හොරු. මේ හොරුන්ගෙන් පිරුණු ආණ්ඩු පිහිටුවීම නවත්වලා වෙනත් විකල්පයක් වෙත හැරෙන්න” කියලා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.