එජාප පසුපෙල මන්තී‍්‍රවරුන්ට සහන

unpපලාත් පාලන මැතිවරණ සහ ජනමත විචාරණය සඳහා සූදානමක් පවතින මේ අවස්ථාවේදී පසු පෙල මන්තී‍්‍රවරුන් කියා සිටින්නේ තමන් කසිත් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්ව සිටින බවයි. මේ ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා පසුගියදා මංගල සමරවීර ඇමතිවරයාගේ නිවසේ ජේ. සී. අලවතුර මන්තී‍්‍රවරයාගේ සංවිධානයෙන් හමුවක් කැඳවා තිබුණි.

එහිදී පසුපෙල මන්තී‍්‍රවරුන් ඉල්ලා සිටියේ තමන්ගේ දේශපාලනික කටයුතු සඳහා මුදල් වෙන් කර ගැනීමට කි‍්‍රයාමාර්ගයක් යොදා ගත යුතු බවයි. මංගල සමරවීර ඇමතිවරයා කියා සිටියේ ශී‍්‍ර ලංකාව ණය බරින් පිරුණු රටක් බවට පත්ව ඇති බවත් සතියකට ගෙවිය යුතු ණය ප‍්‍රමාණය ටි‍්‍රලියන ගණනකට ලංවී ඇති බවත්ය. ඒ නිසා ඔහු ඉල්ලා සිටියේ තමන්ට දුෂ්කරතා ඇතත් මේ මන්තී‍්‍රවරුන්ට සහන ලබාදීමට උත්සාහ ගන්නා බවයි.

මේ සාකච්ජාව අතර වාරයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහගෙන් ලක්ෂමන් විජේමාන්න මන්තී‍්‍රවරයා අසා සිටියේ  ” සර් අපි මීලඟ ජන්දයට එන්නේ ranil wickramasingheඅලියාගෙන්ද හන්සයාගෙන්ද”  යනුවෙනි. ලක්ෂ්මන් විජේමාන්න ඇසූ ප‍්‍රශ්නයට රනිල්ට කේන්ති ගියේය. “මන්තී‍්‍රතුමා ඒකට කලබල වෙන්න එපා. මම ඒක තීන්දු කරන්නම්” යැයි රනිල් දැඩිවකීවේය.

මේ අනුව පෙනී යන්නේ රනිල් වික‍්‍රමසිංහට තනි පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂ ලකුණින් තරඟ කිරීමට දැඩි අවශ්‍යතාවක් තිබුණත් උපක‍්‍රමශීලී ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා සංධානගතව මැතිවරණයට මුහුණ දීමට සිදුවුව හොත් එය කර ගැනීමටත් ඉඩ තිබිය යුතු බවයි. මේ සාකච්ජාවේදී මතු වූ තවත් කරුණක් නම් පසුපෙල දේශපාලඥ්ඥයන්ට රැුකියා අවස්ථා පනහ බැගින් ආණ්ඩුව සැලසුම් කරන බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.