එජාප පසුපෙල මන්තී‍්‍ර වරුන්ගේ ඉඟුරු කල්ලියක්

unpචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩු සමයේදී පසුපෙල මන්තී‍්‍රවරු වෙනම සංවිධානය වෙන්නට ඉඟුරු කල්ලියක් ඇති කර ගත්හ. මෙවැනිම කල්ලියක් දැන් එජාප පසුපෙල තුලින්ද මතුවෙන බව වාර්තා වේ. එජාප පසුපෙල මන්තී‍්‍රවරු 10 දෙනෙකු පමණ නිරන්තරයෙන්ම මුණ ගැසී රහස් සාකච්ජා පවත්වන බවයි වාර්තා වෙන්නේ. චමින්ද විජේසිරි, තුෂාර ඉඳුනිල්, චන්දිම ගමගේ, රෝහිණී කවිරත්න, සිඞ්නි ජයරත්න ඇතුළු මන්තී‍්‍රවරුන් පිරිසක් පසුගියදා රැස්වී තමන්ගේම පක්ෂයේ පිරිසක් 18 දෙනෙක් මේ ආණ්ඩුවෙන් ඉවත් වන බවට වන ප‍්‍රකාශය ගැන සාකච්ජා කලහ. එහිදී ඔවුන් පැවසුවේ තමන්ගේ කණ්ඩායමේ සිටින ඇතැම් අය ඇමති ධූර ලබා ගෙන මෛතී‍්‍රපාල සිරිසේනටත් රනිල් වික‍්‍රමසිංහටත් එකසේ හානිදායක වන ආකාරයට වැඩ කරන බවයි. ඔවුන් කියා සිටියේ ඇමතිකම් ගන්න මේ පිරිස එහාට මෙහාට පනින්නට සූදානම් වන බවයි. මේ ඇමතිවරු එහිදී දැඩි තීරණයක් ගත්හ.

ඒ, ආණ්ඩුවේ අමාත්‍යාංශ වලට කඩා වැදී ඔවුන් කරන්නේ කුමක් දැයි සොයා බලා වාර්තා කිරීමයි. ඒ අනුව ලබන සතියේ සිට එජාප පසුපෙල මන්තී‍්‍ර කණ්ඩායම කිසිවෙකුටත් නොදන්වා අමාත්‍යාංශ වලට කඩා පැන ඒ ආයතන වල අකාර්්‍යක්ෂමතාවයට හේතු සොයා බලන්නට වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව තීන්දු කලහ. එහෙත් මෙය කොතෙක් දුරට කි‍්‍රයාත්මක කල හැකිද යන්න ප‍්‍රශ්නයකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.