එට්කාවේ නැත ගැටළුවක්-නිරෝෂන්…………

nirishanaඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත එට්කා හෙවත් ‘ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම’ හරහා ඉන්දියානු වෘත්තිකයන්ට මෙරට රැකියා වෙළඳපොළ තුළට ස්වාධීනව මැදිහත්වීමට ඉඩ ලබා නොදෙන බවත්, එමගින් මෙරට වෘත්තිකයන්ට බලපෑමක් සිදු නොවන බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

“එට්කා හරහා අපේ රටේ වෘත්තියවේදීන්ට වගේම නිෂ්පාදනවලටත් වෙළඳපොළක් නිර්මාණය වෙනවා. ලංකාවට සාධනීය ලක්ෂණ නැති, රට විනාශ කරන කිසිදු ගිවිසුමකට රජය කිසි විටෙක එළඹෙන්නේ නැහැ කියන කාරණය මම වගකීමෙන් කියනවා. ලංකාව පමණක් නොව ඉන්දියාව සමඟ චීනය, ඇමරිකාව, ජපානය, නෙදර්ලන්තය වැනි රටවල්ද වෙළඳ සහ තාක්‍ෂණික ගිවිසුම්වලට එළඹී තිබෙනවා”.

ගෝලීය ආර්ථික රටාව තුළ මෙවැනි ගිවිසුම් සමාන්‍ය බවත්, එබැවින් එට්කා ගැන වැරදි මතයක් ඇති කිරීම වැරදි බවත් පැවසු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා, රටේ ජනතාව අතේ මුදල් ගැවසෙන ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට පක්ෂ පාට භේද නොතකා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් එකතුවන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවද වැඩිඳුරටත් කියා සිටී..

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!