එතෙර අපි යුරෝපයේ රඟ දෙයි

etheraඑතෙර අපි සංවිධානයේ ඉතාලි කමිටුවේ ආරාධනයක් මත මේ දිනවල එහි ගොස් සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා ඉතාලියේ නගර ගණනාවක පැවති එතෙර අපි සංවිධානයේ සමුළු සහ රැස්වීම්වල ප්‍රධාන දේශන පවත්වා තිබේ. ඒ අනුව පසුගිය 23වනදා වෙරෝනාහිදීත්, 24කොමෝහිදීත්,  25 මිලානෝහිදීතීත් පැවති සමුළු සහ රැස්වීම් සඳහාද ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකිකයන්ගේ විශාල සහභාගිත්වයක් තිබී ඇත.

ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේදී තමන්ගේ ඡන්ද පදනම වැඩි දියුණු කර ගැනීම පිළිබඳව අර්බූදයකට මුහුණ දී සිටින අතර ඉදිරි මැතිවරණ වලදී විදේශ ගත ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීමට ඉඩ තිබෙන බැවින් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඉඩ තිබෙන බව පෙනෙන්නට තිබේ.

බහුජන සංවිධාන නියෝජිතයන්7

වෙරෝනා සහ අවට නගරවල ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලැබූ එතෙර අපි සාකච්ජා සභාව සඳහා වෙරෝනා විහාරාධිපති උඩවලවේJVP ඥානානන්ද ස්වාමින් වහන්සේ, බහුජන සංවිධාන නියෝජිතයන් ඇතුළුව විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහභාගී වී තිබේ. මෙම අවස්ථාව සංස්කෘතිකාංගවලින් වර්ණවත් කිරීම සදහා සුලලිත නර්තන ආයතනයේ නර්තන කණ්ඩායම් සහ රේ සෙවන්ටීස් වාදක කණ්ඩායමේ වාදක ශිල්පීන් විශේෂ දායකත්වය ලබා දී ඇත.

මේ අතර 24 ඉතාලියේ කොමෝහිදී පැවති එතෙර අපි සාකච්ජා සභාවද ඉතාමත් සාර්ථකව පවත්වා තිබේ. කොමෝ නගරයේ ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරනු ලැබූ එම සාකච්ජා සභාව සඳහා කොමෝ නගරයේ ශ්‍රී ලාංකික ප්‍රජාව සාපේක්ෂ වශයෙන් කුඩා වුවත් සාකච්ජා සභාව පැවැත්වුනේ සතියේ වැඩකරන දිනක වුවත් සැළකියයුතු ශ්‍රී ලාංකික පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ද වී ඇත. සංස්කෘතිකාංගවලින්ද සමන්විත වී ඇති මෙම අවස්ථාවට කොමෝ නගරයේ ශ්‍රී ලාංකික ප්‍රජාව පක්ෂ බේදයකින් තොරව සහභාගී වීමද විශේෂත්වකි.එමෙන්ම 25 මිලානෝහිදී එතෙර අපි මහ සමුළුව පවත්වා ඇති අතර ඒ සඳහා මිලානෝහි වෙසෙන ශ්‍රී ලංකිකයන්ගේ විශාල සහභාගිත්වයක් දක්නට ලැබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.