එදා බිම වාඩිවූ මර්වින් දැන් බල්ටි ගහන හැටි කියන මහින්ද

වැරදී පුද්ගලයින් ලඟට ගැනීම සහ ඔවුන් වැරදි කල් විට දඬුවම් නොකිරීම නිසා තමන්ට වැදුන බව මහින්ද රාජපක්ෂ මහතා පිලි ගත්තේ හිටපු ඇමති මර්වින් සිල්වා ගැන ඉඟියක් කරමිනි.

එදා තමන්  පුටුවක් දුන් විට වාඩිවීමට මැලිකමක් දැක්වූ  හිටපු ඇමතිවරුන් දැන් කියන කථා අසන විට තමන්ට පුදුම හිතෙන බව ජනාධිපති රාජපක්ෂ  කියා සිටියේය.

 

 

 

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල වෙනුවෙන් කොන්දේසි විරහිතව කටයුතු කළ මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා මේ වනවිට රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් සිදු කරමින් සිටින හෙළිදරව් කිරීම් නිසා මහින්ද රාජපක්ෂ ඇතුලු ප්‍රබලයින් බලවත් සේ කලබල වී ඇත.

පසුගිය දිනෙක හිරු රූපවාහිනී නාලිකාවෙන් බලය දේශපාලන සංවාදයට එක්වූ මර්වින් සිල්වා මහතා රාජපක්ෂවරුන් තමන්ට ලබා දුන් කාර්යයන් ඉටුකළ බවත් පසුව ඔවුන් ගුණමකු වූ බවත් හෙළිකළේය. එමෙන්ම සුදු වෑන් පිටුපස ගෝඨාභය රාජපක්ෂ සිටින බව සෘජු ලෙස පැවසීය. මේ පිළිබඳ ඔප්පු කිරීමට තමා සතුව සාක්ෂි තිබෙන බවද ගෝඨාභය රාජපක්ෂ විසින් ඇති කර සිටින ඝාතක කල්ලි තවමත් නිදැල්ලේ සිටින බැවින් තමාගේ ජීවිතයද මෙම තොරතුරු හෙළි කිරීම නිසා අනතුරට වැටෙන බව පැවසීය.

මෙයට පිළිතුරු වශයෙන් මහින්ද රාජපක්ෂ ගම්පහ දෙල්ගොඩ විහාරස්ථානයක පැවැති සෙත් පැතීමේ පිංකමකදී මෙම අදහස් පළ කළේය. එහිදි ජාතික විධායක සභාව සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විවේචනය කිරීමටද ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ තමන් අතින් වැරදි සිදු වූ බව ජනතාවගේ අනුකම්පාව දිනා ගන්නා අදහසින් ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.