එදා රනිල්ට හු කියා ගල් ගැසූ අය මෙදා කුඩුවේ

 Ranil_Ambalangoda4

ගල් ගසයි, හූ කියයි…
දකුණු පළාතේ විපතට පත් ධීවරයින්ගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වී ආපසු එමින් සිටි විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ගමන් ගත් රථපෙළට බළපිටියේදී දෙසැම්බර් මාසේ 11 වෙනි දා එල්ල වුනේ අනපේක්ෂිත මොහෙතකය. ඒ වන විට රනිල් පහසු ගොදුරක් බවට පත්ව සිටියේය.මැර පිරිස්‌ විපක්‌ෂ නායකවරයා ගමන් ගත් නිල රථයේ දොර  විවෘත කරගෙන ඔහුට පරුෂ වචනයෙන් කථා කළහ.

කලහකාරී පිරිස්‌ විපක්‌ෂනායකයා ඇතුළු පිරිස ගමන් ගත් රථ පෙළ නවත්වා ගල් ප්‍රහාර සහ අතින් පයින් ප්‍රහාර එල්ල කළහ.

මේ පළාතේ දේශපාලන බලවතා වූයේ සජින් වාස් ගුණවර්ධනයි.

බළපිටියේ මිගෙට්‌ටුවත්තේ ධීවර මළගෙවල් දෙකකට ඊ අවස්‌ථාවේදී එයට බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. දයාරත්න ද සිල්වා මහතා සමග ධීවරයන් ඇතුළු 400 ක පමණ පිරිසකගේ විරෝධය පළවීම නිසා විපක්‌ෂ නායකවරයා එම ධීවරයන්ගේ නිවාසවලට සහභාගි නොවී ආපසු යෑමට සිදුවූ බවත්   මෙම කටයුත්ත සංවිධානය කළ  තමන්ට මැර පිරිසක්‌ පහරදුන් බව  එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙපළක වන අජිත් අසේල ද සොයිසා සහ එම්. ඩී. සෙනරත් ) අහුන්ගල්ල පොලිසියට පැමිණිලි කළහ.

මේ පිළිබඳව බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියේ  විට කිසිවකුට පහර නොදුන් බවත් ධීවරයන් ඇතුළු පිරිස නුසුදුසු ගමනක්‌ ආ විපක්‌ෂනායකවරයාට විරෝධය පළකළ බවයි.

 

 

 වික්‍රමසිංහ මහතාට කතා කල අන්දම

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයාව සිටියදී බළපිටියට පැමිණි අවස්ථාවක පහරදීමට තැත්කොට ඒ මහතාගේ නිල රථයට ගල්මුල්වලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.දයාරත්න ද සිල්වා මහතා ඇතුළු 08 දෙනෙකු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 2013 ජුනි 11 වැනිදා බළපිටිය මිගෙට්ටුවත්තේදී මෙම ගැටුම ඇතිවූ අතර එහිදී බළපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන අජිත් අසේල ද සොයිසා, එම්.ඩී. සෙනරත් යන මහත්වරු පහරකෑමට ලක්වූහ.

මෙම සිද්ධිය ගැන පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරුන් අහුන්ගල්ල පොලීසියට කළ පැමිණිල්ල වසර එකහමාරක් පමණ යටපත් ව තිබිණි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.