පිස්තෝල රැගෙන පැමිණි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් කොක්එළිය ගම්මානය බිය වද්දයි……….

vavuniyaදිනසේන රතුගමගේ

එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයින් පිරිසක්පි ස්තෝලයක් රැගෙන විත් වවුනියාවේ කොක්එළිය ගම්මානයේ යළිපදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වනවිට වැසියන් විශාල පිරිසක් ගම්මානය අතහැර ගොස් ඇතැයි ගම්වාසීන් පවසනවා. ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක් නොව හිටපු එල්ටීටීඊ සාමාජිකයින් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක් බවයි.

ඔවුන් එසේ කරණු ලබන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්ෂාවෙන් බවද කොක් එළිය ගම්මානයේ වැසියන් පෙන්වා දෙනවා. මීට මාස තුනකට පමණ පෙර එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායකයෙකු වූ සින්නවන් ඇතුළු පිරිසක් ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් ගමේ විශාල පිරිසක් පදිංචිය ගිය බවත් පොලීසිය ඔහුව අත් අඩංගුවට ගැනීමෙන් පසුව යළි නිදහස ලබා පැමිණීමෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක් ආරම්භ වී ඇති බවත් ගම්වාසීන් කියා සිටියහ.

1985 වර්ෂයේදී කොක් එළිය ගම්මානයට එල්ටීටීඊය පහරදී විහාරාධිපති හිමියන් ඇතුළුව ගම්වැසියන් දස දෙනෙකු ඝාතනය vavuniya-4කොට ගම්මානයට ගිණි තැබීය. ඉන් පසුව අවස්ථා හතරක්ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියත් විවිධ ප්‍රශ්න හේතුවන් යළිත් ගම්මානය අතහැර ගොස් තිබේ. ස්ථිර වශයෙන් යළි පදිංචිය සදහා ගම්වැසියන් කොක් එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය.

ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රශ්නයෙන් තමන්ව මුදවාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්ෂා කළ විට ගම හැර ගිය පිරිස් යළි ගම්මානය වෙත ළගා වන බවයි. එසේ නොවුවහොත් වවුනියාවේ කොක් එලිය ඉපැරණි සිංහල ගම්මානය දියවී ජනශුන්‍ය පළාතක් වනු ඇතැයිද ගම්වාසීන් පෙන්වා දෙයි. වවුනියාව කොක් එලිය ඉපැරණි ගම්මානයෙන් හා නව ගම්මානයෙන් වැසියන් ඉවත් කිරීමට උත්සහ දරණ කණ්ඩායමේ නායකත්වය දරන්නේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයෙකු වන සින්නවන් හා ඔහුගේ දස දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විසින් බවද වවුනියාවේ කොක්එ ළිය ගම්මානයේ වැසියෝ පවසති.

vavuniya-1මේ පිළිබදව වවුනියාව හා මන්නාරම දිසාවන් බාර නි‍යෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලීසිය කටයුතු කොට ඇති බවයි. වවුනියාව කොක්එලිය ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව වෙණුවෙන් එම ගම්මානයේ පොලිස් මුරපොලක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව පිළිබදව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.