එල්ලුම්ගහෙන් ආණ්ඩුව ඇන ගනීද?

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති බව දැනුම් බුද්ධශාසන අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා මහතා පැවසයි. එහිදී දැනට මරණ දණ්ඩනයට නියම වී ඇති පුද්ගලයන්ටද මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙනු ඇත.

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබාදීමේදී, ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය ලබා දීමට නීති සකසා තිබුණද ඒවා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක කර නොතිබීම, ධනාත්මක කරුණක් ලෙස සැලකිල්ලට ගත්තේය. එම කරුණ වෙනස්වීම මගින් ඉදිරියේදී GSP+ බදු සහනය වෙත බලපෑම් එල්ලවිය හැකි බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීම සඳහා මරණ දණ්ඩුව ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනාව ඊයේ (10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කලේය.

මේ අතර වාර්තා පෙන්වා අන්දමට සියළුම මහා සංඝ නායකවරු මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව සිය එකගතාවය පලකර සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.