එස් බී කථා කරන්නේ කොහෙන්ද?

sb dissanayakeඉහත සිරස්තලය ලැබුනේ මාධ්‍යවේදී සගයෙක් ගෙනි. ඡන්දයෙන් රාජකීය පරාජයක් ලැබූ එස්.බී පාර්ලිමේන්තුවට කැන්දාගෙන ඒමට මෛත්‍රී පසුබට නොවීය.

සුපිරිසුදු ජනතා වරමකින් පත්වූ මෛත්‍රීපාල සිරිසේනයන් වාචාල දේශපාලනය මත රඳන්නට සිදුවීම ජාතියේ අභාග්‍යක් බව සිරස්තලය යෝජනා කළ මාධ්‍යවේදියා www.lankanewsline.com වෙත පැවසීය.

මෙන්න එස් බී ප්‍රශ්නයකට දුන් පිළිතුර
ඒ කාලේ රටේ ජනතාවට මෛත්‍රීපාල සිරිසේන මහතා දුන්න පොරොන්දුවක් තමයි විධායකය අහෝසි කරනවා කියන එක. දැන් මේ ඇයි වචනේ වෙනස් කරලා?

පිළිතුර –  විධායකය අහෝසි කරනවා කිව්වේ නෑ. ඒක තමයි ඔය මාධ්‍යවේදීන්ට තියෙන ප්‍රශ්නය. අපි ජනාධිපති මෛත්‍රීපාල මැතිඳුන්ට උදව් කළේ නෑ. අපි එතුමාට විරුද්ධව හිටියේ. එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ කියනවා මම අත්තනෝමතික විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කියලා. එතුමා ඒක කරලා ඉවරයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කළේ ඒක. මෛත්‍රීපාලනයක් පොත කියෙව්වද.

ප්‍රශ්නය- ඔබ සෝභිත හිමිගේ ආදාහන උත්සවයට සහභාගී වුණාද?
පිළිතුර-ඔව්.
ප්‍රශ්නය-ඔබට මතකද එතෙන්දි ජනාධිපතිවරයා පොරොන්දුවක් දුන්නා සෝභිත හාමුදුරැවන්ගේ ඉල්ලීම වුණේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම හා තමන් අනිවාර් යෙන් එය සිදු කරන බවට?
පිළිතුර- ඒක තමයි කළේ එයා.

මෙන්න lankadeepa වාර්තාව

මාදුළුවාවේ සෝභිත නාහිමියන් බලාපොරොත්තුවූ යහපාලනය සාධාරණ සමාජය ඇති කිරීම හා උන්වහන්සේගේ අරමුණවූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ දැඩි අධිෂ්ඨානය වෙනුවෙන් කටයුතු කළ බව පැවසූ මෛත්‍රිපාල සිරිසේන ජනපති උන්වහන්සේගේ ගෞරවනීය උතුම් දේහය ඉදිරියේ සපථ කරමින් පැවසූයේ උන්වහන්සේ බලාපොරොත්තුවූ ආකාරයට විධායක ජනපති ක්‍රමය අහෝසි කර මේ රටේ යහපාලනයක් ඇති කරන බවයි.
සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදී උත්සව සභාව අමතමින් ජනපති මෙසේද පැවසීය.
‘‘
මේ රටේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම පිළිබ`ද දැඩි අධිෂ්ඨානයක් උන්වහන්සේ තුළ තිබුණා. උන් වහන්සේගේ බලාපොරොත්තු වූ ආකාරයට මේ රටේ යහපාලනයක් ඇති කරන්නට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩ නගන්නට හා සාධාරණ සමාජ ක‍්‍රමයක් ඇතිකිරීම සදහා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සදහා මා විසින් කළ යුතු සියලූ කැපවීම කරන බව මේ ගෞරවනීය උතුම් දේහය ඉදිරියේ මා සපථ කරනවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!