එස්.බී රිවර්ස් එකට වැටෙයි-අප්පච්චිට බයේ හිටි හැටි කියයි

sbdiss850fcc2_XL

 

 

 

වත්මන් රජයේ ග්‍රාමීය කටයුතු ඇමති එස්.බී. දිසානායක මහතා සමග ජාතික රූපවාහිනිය කළ අදහස් විමසීමකදී ප්‍රකාශ කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට බයෙන් තමන් ඇතුළු සියලු දෙනා කටයුතු කළ බවත් කැබිනට් මණ්ඩලයේදී පවා කිසිවකුත් විරුද්ධව මත දැක්වීමට ඒ නිසා ඉදිරිපත් නොවූ බවය.

හිටපු ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී පවා ප්‍රසිද්ධියේ  තර්ජනය කරමින් සියලුදෙනාගේ ෆයිල් තමන් ළඟ තිබෙන බව පැවසීය. එමෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සියලුම මැති ඇමතිවරුන්හට පොදුවේ තර්ජනය කර බිය ගන්වාගෙන සිටි බව ඔහුගේ පරාජයෙන් පසු විවිධ අවස්ථාවලදී හෙළිදරව් කෙරිණ. ප්‍රකට සැලුන් දොරේ කතාව මහින්ද රාජපක්ෂ වක්‍රාකාරව එල්ල කළ තර්ජනය ප්‍රකාශ කරන්නක් බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කර තිබිණි.

මේ සියලුදෙනා අතරින් එස්.බී. දිසානායක ඇමතිවරයා ඉතාම නිර්ලජ්ජිත ආකාරයට විරුද්ධවාදීන් හට ප්‍රහාර එල්ල කළ අතර මේ වනවිට එම ප්‍රහාර සාධාරණීකරණය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගෙන තිබේ.ඔහු සිරිසේන සහ කුමාරතුංග ජනාධිපතිවරුන්ට අසැබි වදනිනින් කථා කිරීමට පසුබට නොවීය.

[vsw id=”/3VyiZrv5J-U” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.