ඒකාබද්ධය සිව් දිගින් ඉරි තලයි

joint-opposition-1අභ්‍යන්තර මත ගැටුම් නිසා ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වීමේ අවදානමක්‌ පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම තත්ත්වය ඇති වීමට ආසන්නතම හේතුව ලෙස එම ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් විය යුතුය යන යෝජනාවය. ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ මෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක්‌ ද එහි නායකත්වයට බල කර ඇතැයි ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් නොවී ඒ තුළ සිටිමින් රටට අහිතකර යෝජනාවන්ට එරෙහිව හඬ නැඟිය යුතු බව තවත් මන්ත්‍රීවරුන් පිරිසක්‌ ප්‍රකාශ කර තිබේ. එම නිසා ඉන් ඉවත් නොවෙන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඉල්ලා ඇත. එහෙත් ඊට අවනත නොවී විමල් වීරවංශ මහතා ඇතුළු ජානිපෙ මන්ත්‍රීවරු පිරිස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයෙන් ඉවත් වීමේ ලිපිය කථානායක කරු ජයසූරිය මහතාට පසුගියදා භාර දුන්හ.

මේ සම්බන්ධවත්, පොලොන්නරුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඉන් ඉවත් වන බවට කෙරෙන ප්‍රකාශත් නිසා පක්‍ෂය තුළ අර්බුද හටගෙන ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ ආණ්‌ඩුව සමඟ එක්‌වීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව ශ්‍රීලනිප ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටී.

මේ පිළිබඳව කරුණු දැක්වූ ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයෙක් පැවසුවේ දැන් ඒකාබද්ධය මළබද්ධයක් බවට පත්වේ ගෙනයන බවයි.

බැසිල් රාජපක්ෂ පෙරමුණට
ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන් කිහිපදෙනකු ඇතුළු මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවශ්‍ය ඕනෑම අවස්‌ථාවක සහාය ලබා දීමට සූදානමින් සිටින බව දිසානායක මහතා ප්‍රකාශ කළේය.

රාජපක්‍ෂ පවුල් පාලනය ඒකාබද්ධ විපක්‍ෂයේ විනාශයට හේතු වේ ඇති බව මන්ත්‍රීවරු පවසති. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ පෙරමුණට ගැනීම පිළිබඳව
පළවන්නේ දැඩි විරෝධයකි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කිරීමට දැඩි ලෙස විරෝධය පළ කරන මෙම කණ්‌ඩායම කියා සිටින්නේ ජනාධිපතිවරයා ගේ නායකත්වය යටතේ ශ්‍රීලංකා නිදහස්න් පක්ෂයේ සමඟිය තහවුරු කරගත යුතු බවයි.

2020 එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පැමිණියහොත් දැනට දුෂණ චෝදනා එල්ල වී තිබෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ඇඩ්‍රස් නැතිවෙන තැනට වද සිදුවිය හැකි බව lankanesline වෙත කරුණු දැක්වූ මන්ත්‍රීවරයෙක්ම පැවසීය.

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

ඒකාබද්ධ විපක්‍ෂය කැඩෙන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ අතරවාරේ’දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය. ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ දේශපාලන පක්‍ෂ හා ඒවායෙහි නියෝජිතයන් ඔවුන්ගේ පක්‍ෂ ප්‍රතිපත්තිවලට අනුව තීන්දු තීරණවලට එළැඹෙන බව හෙතෙම කීය. යම් පක්‍ෂයක්‌ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් වුණත් එවැනි ක්‍රියාමාර්ගයක්‌ තුළින් ඒකාබද්ධ විපක්‍ෂයට හානියක්‌ සිදු නොවන බව රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ජාතික නිදහස්‌ පෙරමුණ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා කවුරුත් කියන පලියට, කවුරුත් හිතන පලියට ඒකාබද්ධ විපක්‍ෂය කැඩෙන්නේ නැති බව අවධාරණය කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.