ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්ඡා නොකර බැහැ – ජනාධිපති

Ranil vs Maithriජනාධිපතිවරයා විවේචනයට ලක් කිරීමෙන් වළකින ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන්ට ඊයේ (27) අවවාද කළේය.

සම්මුතිවාදී රජයේ එකඟතාවන්ට බලපෑමක් ආකාරයෙන් ප‍්‍රකාශ නිකුත් නොකරන ලෙස ද අග‍්‍රාමාත්‍යවරයා එහිදී සිය මන්ත‍්‍රීවරුනට දැනුම් දුන්නේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුනට මෙසේ දැනුම් දුන්නේ එජාප මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්විණි. තමන් ඉන්දියාවේ සංචාරය කරන අතරතුරදී එජාප මන්ත‍්‍රීවරුන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පිළිබඳව ද තමාගේ අවධානය යොමුවී ඇති බව කී අග‍්‍රාමාත්‍යවරයා තම අනුමැතියකින් තොරව මෙවැනි දේ නොකරන ලෙස ද මන්ත‍්‍රීවරුනට දැනුම් දී සිටියේය.

ඉන්දියා නිල සංචාරයෙන් පසු තමා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් ද මන්ත‍්‍රීවරුන්ට අග‍්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. එහිදී අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පක්ෂයක් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට කළ යෝජනා ප‍්‍රතික්ෂේප කිරීමට ජනාධිපති හා පක්ෂ සභාපති ලෙස තමන්ට හැකියාවක් නොමැති බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන් බවයි.

එය වැළැක්වීමට ගියහොත් පක්ෂය කඩා දැමූ නායකයා ලෙස තමා දෝෂදර්ශනයට ලක්වනු ඇතැයි ද ජනාධිපතිවරයා කී බව ද අග‍්‍රාමාත්‍යවරයා මන්ත‍්‍රීවරුනට දැනුම් දී ඇත

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.