ඒකීය රාජ්‍ය සංකල්පයෙන් බැහැර නොවෙමි-නව අගමැති

ranil p

 නව වසරේ ප්‍රථම පාර්ලිමේන්තු සැසිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටීයේ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රාජ්‍ය සංකල්පයෙන් භාර නොවන බවයි.

දහතුන් වන සංශෝධනය ක්‍රයාවට නැගෙන අතර ඒ තුලින්ට අනුව සිදු වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා සිංහල දෙමළ හා මුස්ලිම් යන සියලු දෙනාට ශ්‍රී ලාංකිකයන් ලෙස ජිවත් විය හැකි පරිසරයක් ගොඩනැගිය යුතු බව අවධාරණය කළේය.

අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සියළු ජන වර්ග වලට සංහිඳීයාවෙන් ජීවත්වීමට ඉඩ ලැබෙන බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේය. බව කියා සිටියේය.

13න් වන ව්‍යවස්ථා සංසෝධනය අත්සන් කළ දවස
13න් වන ව්‍යවස්ථා සංසෝධනය අත්සන් කළ දවස

විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට, කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

 දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කෙරෙන අතර ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරෙන දහනව වන සංශෝධනය, ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත, ජාතික විගණන පනත හා තොරතුරු දැන ගැනීමේ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අගමැති වරයා ප්‍රකාශ කළේ.

 නව රජයේ දින සියයේ වැඩ පිළිවලට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය ලබාදෙන බව   විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා  කියා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.