ඒ විජයත් සමු ගත්තේය.

 

Vijaya1ප්‍රවීන රංගන ශිල්පී විජය නන්දසිරි මීට ටික මොහොතකට කලින් අපෙන් සමුගත්තේය. මිය යනවිට ඔහු 72 හැවිරිදි වියේ පසුවිය. හදිසියේ ඇතිවූ රෝගී තත්වයක්මත ඔහු කලුබෝවිල රෝහල වෙත රැගෙන යන ලදී. රෝහල වෙත රැගෙන එනවිටත් මියගොස් සිටි බව කලුබෝවිල රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පැවසුවේය.

මනමේ වේදිකා නාට්‍යයෙන් සිය ප්‍රතිභාව විදහා පෑ හෙතම ලාංකේය  ප්‍රාසාංගික කලාවේ ප්‍රහසන රංගනයෙහි විචක්ෂණ වෙනසක් ඇතිකළ නිර්මාණකරුවෙක් විය.

මනමේ, සිංහබාහු, මහාසාර, කපුවා කපෝති, රත්නාවලි, නරිබෑණා, ආනන්ද ජවනිකා, සුබ සහ යස, තාරාවෝ ඉගිලෙති, රන්කඳ, වහලක් නැති ගෙයක්, කෝන්තරේ, සැරදේ සීතා, කකුල් හතරේ ඉලංදාරියා වැනි නාට්‍ය රැසක රඟපෑ මේ  ප්‍රභාන්විත ශිල්පියා අවසානයේ මිය ගියේ ප්‍රහසන උත්පාදනය කරනා නලුවෙක් ලෙසය.

මේ වනවිටත් සිරුර කලුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත. ප්‍රවීන නිලි දේවිකා මිහිරානි ඔහුගේ දයාබර බිරිදය. විජය නන්දසිරි දෙදරු පියෙකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!