ඒ-9 මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු මරුමුවට…………

accident-bදිනසේන රතුගමගේ

යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ වවුනියාවේ භූ ඔය පාලමට නුදුරින් 27 දා අළුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු මරුමුවට පත් වී තවත් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා තිබේ. කොළඹ සිට වවුනියාව බලා ගමන් කළ කැබ් රථයක්,යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

කැබ් රථයේ සිටි තුන් දෙනාම මරු මුවට පත්ව ඇති අතර  අනෙක් තැනැත්තාද ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ. බරපතල ලෙස තුවාල ලබා සිටින දෙහිවල accident-b4පදිංචි  තිස් හැවිරිදි මොහොමඩ් සූර් නැමති අය වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට සිටියි. කන්ටේනරය පැදවූ රියදුරාව මැදවච්චිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

අනතුරට හේතුව මෙතෙක් හදුනාගෙන නොමැති නමුත් සිද්ධිය දුටුවෙකු පවසා ඇත්තේ වර්ෂාව පවතින අවස්ථාවේදී කැබ් රථය වේගයෙන් ධාවනය වූ බවයි. වවුනියාවට ආසන්න්යේදී මෙම අනතුර සිදුව ඇතත් එම ප්‍රදේශය අයත් වන්නේ මැදවච්චිය පොලිස් බල ප්‍රදේශයටය. කෙසේ නමුත් වවුනියාව accident-b2හා මැදවච්චිය පොලීසි සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.