ඔය විග්නේෂ්වරන්ගේ කතාවට ඔහු වග කිව යුතුයි… සම්බන්දන් කියයි..

r-sambandanඋතුරු පළාත් මහ ඇමති සි.වි විග්නේෂ්වරන්  පළ කර ඇත්තේ ඔහුට පමණක් අදාළ පෞද්ගලික කාරණා මිස අපේ ප්‍රකාශ නොවන බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන්  පාර්ලිමේන්තුවේදි ඊයේ (04) ප්‍රකාශ කළේය.

විග්නේෂ්වරන්  කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රශ්නය අතරතුර ඇතිවූ විවාදයේදි විපක්ෂ නායකවරයා මේ බව කීවේය. එහිදි විපක්ෂ නායකවරයා මෙසේද කීය.

මේක බරපතල ප්‍රශ්නයක්. අපි මේකට සහභාගි නොවන්න හේතු තිබුණා. වර්තමානයේ අපි විවිධ දේ ගැන රජයත් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. අපි කැමිතියි සාමයෙන් සාකච්ඡාවෙන් මේ ප්‍රශ්න විසදා ගන්න. යාපනයේ ජනතාව දිගු කළක සිට දුක් කම්කටොලූ රැසකට මුහුණ දෙනවා. මේවාට ඉක්මන් විසදුම් අවශ්‍යයි. රජය කඩිනමින් විසදුම් සෙවිය යුතුයි.

විග්නේෂ්වරන්ගේ කතාව අපි ඇසුවා. ඒ කියු දේ ඔහුට පමණක් අදාළ වන දේ පමණයි. ඒ ගැන ඔහු වගකිව යුතුවා මිසක් අපට අදාල නැහැ. මොකද මහඇමතිවරයා හිටපු විනිසුරුවරයෙක්. උතුරේ බහුතර ජනතාවක් ඔහුට ඡන්දය දුන්නා. ඔහු මෙවන් ප්‍රකාශ කළේ නැහැ කියනවා නම් එහි නිතිමය තත්ත්වය වටහා ගත යුතුයි. ඔහු කී බව කියන ප්‍රකාශ ඔහු කියා නැති බව කියන්න ඕනේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!