ඔළු ගෙඩි වෙනස්කර අළුත් ආණ්ඩු හදනු බැහැ – ජනපති

Maithripala Sirisenaපාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ප්‍රමාණය වෙනස්‌ කර ආණ්‌ඩු බලය ලබා ගැනීමට කවුරුන් සිහින දුටුව ද අලුත් ආණ්‌ඩුවක්‌ සෑදීමට නම් තම කැමැත්ත සහ ආශිර්වාදය අනිවාර්යෙන් ලබාගත යුතු හෙයින් ඒ ගැන කල්පනා කිරීම තේරුමක් නැති බව ජනාධිපතවරයා හිඟුරක්‌ගොඩ දී පැවසීය. මේ  බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (31 දා) පැවසීය.

පාර්ලිමේන්තුවේ ආසන 113 ක්‌ හදා ගැනීමෙන් පසුව ආණ්‌ඩුව සහ ජනාධිපතිවරයාත් අවසන් බවට විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ මෙන්ම හිටපු අමාත්‍යවරයෙක්‌ ජාතික පුවත්පතකට කර තිබූ ප්‍රකාශය ද සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ ආසන 113 ක්‌ ලබාගත්ත ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව අලුත් ආණ්‌ඩුවක්‌ සාදා ගැනීමේ සිහිනය තම ආශිර්වාදයෙන් තොරව කිසිවකුට ඉටුකරගත නොහැකි බවයි.

රටක්‌ ලෙස ඉදිරියට යැමට තිබෙන බාධක ඉවත් කර ගනිමින්, වත්මන් ආණ්‌ඩුව සිය කටයුතු ඉදිරියට කරගෙන යද්දී පුහු ඝෝෂාකාරීන් පිරිසක්‌ විසින් රට තුළ විවිධ නොසන්සුන්තාවන් ඇතිකරමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.