ඕනෑම මැතිවරණ ක්‍රමයකට ලැහැස්තියි- මැකො

 maahhonda

නව මැතිවරණ ක්‍රමයක් ඉදිරිපත් කළහොත්  මාස තුනකට ආසන්න කාලයක් අවශ්‍ය  වෙන  බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටී.

ආණ්ඩුව පොරොන්දුවූ දින සීය හමාර වූ විට  ඊළඟ මහ මැතිවරණය පවත්වන  බව කියා සිටී.

මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු කොට පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඒ  සඳහා මාස තුනක පමණ කාලයක් තුල විධිවිධාන යොදාගත හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේය.

 පවතින මනාප ඡන්ද ක්‍රමය සහමුලින්ම අහෝසි කොට සෑම මැතිවරණ කොට්ඨාසයකටම මන්ත්‍රීවරයෙකු ලැබෙන පරිදි මන්ත්‍රී ආසන ක්‍රමය හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත නව මැතිවරණ ක්‍රමයක් රටට හඳුන්වා දෙන බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටින්නේ.

කෙසේ වෙතත් පරණ මැතිවරණ ක්‍රමය පවත්වා ගෙන් යැමට ඇතැම් පිරිස් උත්සහ දරන බව පෙනේ. නව ක්‍රමය යටතේ ජනතාව ගෙන් දුරස් මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප වීමේ ඉඩ කඩ

වැඩිය.

09-19-2013srilankaelect

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දින 100 වැඩපිළිවෙළ අනුව අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයකට යාමට නියමිත අතර ඒ අනුව මැතිවරණය ජුලි මාසයේ පැවැත්වීමට ඉඩ තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයකට නොගියහොත් දේශපාලන අර්බුද ඇතිවීමට ඉඩ තිබේ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.