ජනපතිටත් ඔස්ට්‍රියා තානාපතිනි හොයා ගන්න බෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දුන් නියෝගයක් අනුව ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රියානු තානාපතිනි ප්‍රියානී විජේසේකර මහත්මිය ඇතුළු කාර්යමණ්ඩලයේ පස් දෙනෙකු ආපසු ශ්‍රී ලංකාවට කැඳවා ඇතැයි වාර්තා වේ.

පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඕස්ට්‍රියානු තානාපති කාර්යාලය සඳහා ලබා ගන්නා ලද දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමට කිසිවෙකු එම කාර්යාලයේ සිට නැත. දුරකතන ඇමතුමට පිලිතුරු දී ඇත්තේ එම කාර්යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකි. තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩලය පිළිබඳව විමසූ විට කිසිවෙකු කාර්යාලයේ නොමැති බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

ජනාධපතිවරයාට ඕස්ට්‍රියානු තානාපතිනිය විසින් දුරකතන ඇමතුමක් ලබාදී ඇත්තේ පැය 4 කට පමණ පසුව බව වාර්තා වේ.

මෙම තානාපති කාර්යාලය ඕස්ට්‍රියාවට පමණක් නොව බොස්නියාව, රිපබ්ලික් චෙච්නියා, සර්බියා, ස්ලෝවේනියා සහ හර්සෙගොවිනා යන රටවලටද තානාපති සේවය සපයයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.