කටාර් ගින්නට හසුවුවන් අසරණයි

කටාර් රාජ්‍යයේ සෙහෙලියා ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් පිරිසක් ලැඟුම් ගෙන සිටි ස්ථානයක ඊයේ හටගත් ගින්නකින් හාරසිය පනහකට අධික පිරිසක් මේ ව වන විට අවතැන්ව සිටින බව වාර්තා වෙයි.කටාර් හී ගින්නෙන් අවතැන් වූ ලාංකිකයන් ගැන සොයන්න කවුරුත් නැහැ

 

කටාර් රාජ්‍යයේ සෙහෙලියා ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ ආයතනයක සේවය කරන ශ්‍රී ලාංකයින් පිරිසක් ලැඟුම්ගෙන සිටි ස්ථානයක මෙම ගින්න හටගෙන තිබුණි.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවූව ද අවතැන් වූ ශ්‍රී ලාංකිකයින් මේ වනවිට තාවකාලික කඳවුරක රඳවා සිටිති.එහෙත් ඔවුන්ට අවශ්‍ය නිසි සනීපාරක්ෂක පහසුකම් සහ අත්‍යාව්‍යශ ද්‍රව්‍ය නොමැතිව පීඩාවට පත් ව ඇති බවයි වාර්තා වෙන්නේ.

නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ලාංකිකයින් 350 දෙනකු පමණද අවතැන්ව ඇතැයි කටාරයේ තානාපති ආරංචිමාර්ග කියයි.

මෙසේ අවතැන්ව ඇත්තේ කටාරයේ පවිත්‍රතා සමාගමක සේවකයින් ලෙස සේවය කරන ලාංකිකයින් පිරිසක් යැයිද ඔවුන්ට ජීවිත හානි හෝ තුවාල සිදුවී නැතත් එම ගින්නේ ඔවුන් සතු දෑ අහිමිවී ඇතැයිද  විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.

එසේ අවතැන් වූවන් මේ වනවිට එරට අංක 48 නැමති කඳවුරේ තාවකාලිකව රඳවා තැබීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.

 

 

ආණ්ඩුවේ අවධානය යොමු කරවන සුනිල් හදුන්නෙත්ති  මන්ත්‍රීවරයා 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.