කටාර් තානාපතිකමේ දුක

asp-liyanageලංකාවේ ආණ්ඩුකාර ධුරයක් මිස විදෙස් රටක තානාපතිකමක් තමාට අවශ්‍ය නොවන බව කටාර් හි තානාපති එස්.පී ලියනගේ මහතා පෙරේදා (05) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා තිබුනා. ලියනගේ මහතා මේ වනවිට කටාර් කටාර් රාජ්‍යයේ තානාපති ලෙස සේවය කරනවා. මීට මාස කිහිපයකට පෙර ඔහු කටාර්හි රාජකාරී කරන අතරතුරේ අරාබි රටවල් මගින් කටාරය වෙත සම්බාධක හා තහනම් නියෝග නිකුත් කිරීමත් සමග ඔහුට එහි තානාපති සේවය දුෂ්කර කටයුත්තක් වී තිබෙන බැවින් තමන්ට එහි සේවය කිරීම දැඩි මානසික ආතතියට තුඩු දී ඇති බව පවසමිනුයි ඔහු මේ මාධ්‍ය සාකච්චාව පැවැත්වූයේ. තමන්ට ලංකාවේ ආණ්ඩුකාර ධුරයක් හෝ එවන් තනතුරක් ලබා දෙන ලෙසටත් ඒ.එස්.පී ලියනගේ මහතා මේ මාධ්‍ය හමුවේදී කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.