කඩු දෙකක් සමග අවා ”ආවා ගෲප්”  මැරයින් දෙදෙනෙක් පොලිසියට කොටුවේ…

ssදිනසේන රතුගමගේ

යාපනයේ සරිසරණආවා ගෲප්සාමාජිකයින් ලෙස සැකකෙරෙණ පුද්ගලයින් දෙදෙනෙකු 30 දා දහවල් කඩු දෙකක්ද සමග යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ අතුරු මාර්ගයක් ඔස්සේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් පරීක්ෂා කිරීමේදී ඔවුන් ලග තිබී කඩු දෙකක් හමුවී තිබේ.

සැකකටයුතු පුද්ගලයින් දෙදෙනා පොලීසියට ගෙනැවිත් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ  නාට්‍යයක් පුහුණුවීම පිණිස මෙම කඩු දෙක රැගෙන යනබවයි.

නමුත් යාපනය පොලීසිය කියා සිටින්නේ එම කඩු දෙක නාට්‍යය සදහා භාවිත කරණ සෙල්ලම් කඩු නොව පුද්ගලයින්ට හානි කළ හැකි අන්දමේ විශාල ප්‍රමාණයේ කඩු බවයි.

යාපනයේදී පසුගිය සතියේ පොලීසියට  හමුවූ කඩු කීපයක් සමග සසදා බලන විට  මේම් කඩු දෙක හා පෙර අත් අඩංගුවට ගත් කඩු වල සමාන බවක් දක්නට ලැබෙන බවද යාපනය පොලීසිය ප්‍රකාශ කළේය.

යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!