කණට පිළිතුරු – අතට මාංචු

lockupඋසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය විසින් ඊයේ (23) කොළඹ රාජකීය විද්‍යාලයයේ විභාග අපේක්ෂකයෙක් (19) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ශිෂ්‍යයා නාරාහේන්පිට පොලිස් රෝහලේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී තනතුරක් ලැබූ පුද්ගලයකුගේ පුතකු බව ද පොලිසිය කියයි.

රහස් පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ විභාගය පැවැත්වෙන අතරතුරදී එම සිසුවාට පිළිතුරු සැපයීම වෙනුවෙන් සිසුවාගේ පියා වන වෛද්‍යවරයාගේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ටියුෂන් ගුරුවරයාට ලබා දී ඇති බවයි. සිසුවා විභාගය ලියන අතරතුර අති නවීන ඉලෙට්‍රෝනික උපකරණයක් ආදාරයෙන් ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපයක් සිසුවාගේ පියාට සහ ගුරුවරයාට යවා ඇතැයි ද ඊට පිළිතුරු ගුරුවරයා ලබා දී ඇතැයි ද, සිසුවා ගුරුවරයාගේ පිළිතුරු කනේ සවි කරන බ්ලූටූත් තාක්ෂණයෙන් වැඩ කරන උපකරණයකින් සිසුවා ශ්‍රවනය කර ඇතැයි ද රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.