කතරගම නිළමේ සටන උණුසුම්

  • download (10)
  • රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලවරණය කිසිදු අවස්ථාවක නොවූ පරිදි මෙවර තීරණාත්මක වී තිබේ. වෙනත් නිලවරණ තුළදී වැඩි වශයෙන් දක්නට ලැබුණේ දේශපාලනඥයින් මෙහෙය වූ අපේක්ෂකයන්ය.

මෙවර විශේෂත්වයක් දක්වමින් ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමිවරුන් හා විහාරස්ථානවල ප්‍රධාන සංඝයා වහන්සේලා ද දේශපාලඥයින්ගේ හිතවතුන්ට සහාය දැක්වීමට කරලියට පැමිණීම තුළ නිලවරණය මෙවර උණුසුම් වී තිබේ.

මේ වන විට මෙම සංඝනායක හිමිවරු අපේක්ෂකයින් දෙදෙනකුට සිය උපරිම ශක්තිය යොදවා දේවාලයේ වැඩ බලන බස්නායක තනතුර ලබාදීමට දැඩි ප්‍රයන්තයක් දරති. අපේක්ෂකයින් 18 දෙනා අතරින් මේ වන විට ඉන්ධනහල් හිමියෙක්, කෝටිපති ව්‍යාපාරිකයෙක් හා රථ වාහන ඇනවුම් සිදුකරන ව්‍යාපාරිකයෙක් මෙම සටනේ ඉදිරියෙන්ම සිටිති.

කතරගම ඡන්ද හිමි විහාරස්ථාන වෙත අපේක්ෂක මහතුන් සියලුම දෙනා පැමිණෙනුයේ ලංකාවේ නමක් දිනා ඇති විහාරස්ථානවල හිමිවරුන් සමග වීම නිසා කතරගම ඡන්ද හිමි විහාරස්ථාන හිමිවරුන්ට කිසිදු තීරණයක් ගැනීමට මේ දක්වා අපහසු වී ඇතැයි පැවසේ. මොණරාගල දිස්ත්‍රිකයේ ප්‍රාදේශීය ‍ලේකම්වරයකු පැවසුවේ “අපටත් හිතෙනවා ඡන්දය ඉවර වෙනකම් මොණරාගල දිස්ත්‍රික්කයෙන් මාරුවක් ගන්න අපිටත් දේශපාලනඥයින් නිතරම කථා කරනවා.” යනුවෙනි.

කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රජපක්ෂ මහතා මෙම මාසය අවසන්වීමට පෙර ඉල්ලා අස්වීමට නියමිත අතර නිලවරණයට පෙර වැඩබලන බස්නායක නිලමේ ලෙස වැඩ බාර ගැනීමට සැමගේම උනන්දුව මෙවර කැපී පෙනෙන විශේෂ ලක්ෂණයකි.කතරගම ප්‍රදේශයේ තරුණයින් එක්ව කතරගමින් අපේක්ෂකයකු පත්කිරීමටද මේ වන විට සැලසුම් කරමින් ඇත.

 

download (9)

 

කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ වසර ගණනාවක් පුරා තිබුණු නඩුවක් නිසා කිසිදු බස්නායක නිලමේ වරයකුට දේවාලයේ පවතින කපු පුරප්පාඩුව පිරවීමට බාධා පැමිණි බවත් දැන් එම නඩුව අවසන් වී ඇති බැවින් දේවාලයේ පාරම්පරික කපු මහතුන් ඉල්ලීමක් කරනු ලැබුවොත් මෙම තනතුරු සියල්ල පිරිවීමට කපු මහත්වරුන් ගෙවදීම තම නිල කාලය අවසන් වීමට පෙර සිදුකරන බවයි.

ප්‍රදේශයේ විහාරස්ථාන හිමිවරුන් පවසන්නේ මෙම කපු පුරප්පාඩුව පුරවන්නට ක්‍රියා කළහොත් බස්නායක නිලවරණයට අපේක්ෂකයන් සොයා ගැනීමටත් අපහසුවන බවයි.

battle to become nilame for katharagama

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.