කතා කරලා වැඩක් නැහැ-මහින්ද

 

 

 

පසුගිය සතියේ ජනපතිවරයාගේ අවාධානය දිනාගෙන තිබුණේ මහින්ද රාජපක්ෂ හා මුහුණට මුහුණ අදහස් හුවමාරු කර ගැනීමට සංවිධානය කර තිබූ හමුවයි.ජනපතිවරයා මෙවැනි හමුවකට එකගතාවය පළකිරීම බොහෝ දෙනා මවිතයට පත්කරවීමට සමත්වූවත් විය.ඇයි එහෙම දෙයක් කරන්නේ? ශී‍්‍රලංකා  නිදහස් පක්ෂය එකතු කරන්න මහින්ද රාජපක්ෂගේ හා ඔහුගේ හිතවතුන්ගේ සහය ජනපති සිරිසේන බලාපොරොත්තු වනවාවත්ද? මෙම ගැටලූ වලට පිළිතුරු දීමට එක්සත් ජාතික පක්ෂයද අපොහොසත්විය.මේ හමුව සම්බන්ධයෙන් අද පුවත්පතය අදහස් දක්වමින් සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මාදුලූවාවේ සෝභිත  හිමි සදහන් කර තිබුණේ දෙමළ ඩයස්පෝරාව හා සම්බන්ධ යැයි සිරිසේනට පහර ගැසූ මහින්ද ඇතුලූ නඩය දැන් අගමැතිකම බලාපොරොත්තුවෙන් සිරිසේන හා එකතුවීමට එන බවයි.

හමුව පවත්වන්නේ ඇයි පිළිඹදව ජනපතිගේ අදහස් දැනගැනීමට මංගල සමරවීර,කබීර් හෂීම් හා මලික් සමරවික‍්‍රම යන තිදෙනා ජනපතිවරයා හමුවිය.පක්ෂය යළි ශක්තිමක් කිරීම සදහා මෙම හමුව පැවැත්වීමට තමන්ට සිදුවූ බව ජනපතිවරයා ඔවුන් හමුවේ  පැවසීය.ජනපතිවරයා සිටින්නේ පක්ෂයෙන් නැගෙන පීඩනයට මුහුණදෙමිනි.ඔහු අකමැතිවූවද නැතද පක්ෂයේ බහුතර මතය වූ ඔහු හා හිටපු ජනපතිවරයා අතර හමුවක් පැවැත්විය යුතුය යන්නට ඔහු අවසානයේ හිස නැමූ බවක් පෙනෙන්නට ඇත.හමුව  පැවැත්වීමට දෙපාර්ශවයේම එකගතාවය පළවුනද එය පැවැත්වෙන ස්ථානය ගැන මත  ගැටුමක් ඇතිවිය.අවසානයේ පාර්ලිමෙන්තුවේ ජනාධිපති කාර්යාලයේ එය පැවැත්වීමට  එකගතාවය පළවුනි.

හමුව පැවැත්වුනු දිනයේ මහින්ද රාජපක්ෂ සමග,බන්දුල ගුණවර්ධන,ජී.එල්.පීරිස්,මහින්දානන්ද අලූත්ගමගේ යනාදීහු පැමිණ සිටියහ.පක්ෂ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා,විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා සමග ඔවුන්  හමුවට යෑමට ජනපති සිරිසේන මුලින් සිතා සිටියද පසුව රාජිත සේනාරත්න,එම්.කේ.ඞී.එස්.ගුණවර්ධන හා ෆයිසර් මුස්තාෆා යන තිදෙනාද හෙතෙම තම  කණ්ඩායමට එක්කර ගත්තේය.

ඡුායාරූප වල දෙපාර්ශවයේ සාමාජිකයින් සිනාමුසු මුහුණින් සිටිනු සටහන්ව තිබුණත්  සාකච්ඡුාවට සහභාගීවූ එක් සාමාජිකයෙකු සන්ඬේ ටයිම්ස් හා සදහන් කළේ සැබෑවටම තත්ත්වය ගැටුම්කාරී හා එකිනෙකා නොරුස්සන සුලූ වූ බවයි.ඔහු හමුව සමාන කළේ වැටුප් විෂමතා නිසා වෘත්තිීය කි‍්‍රයාමාර්ගයක් දියත් කර තිබෙන වෘත්තීය සමිති නායකයෙකු හා ඔහු සේවය කරන ආයතනයේ ප‍්‍රධානියා අතර පැවැත්වෙන හමුවකටය.හිටපු ජනාධිපතිවරයා අපහසුවෙන් මෙන් අදහස් පළ කර ඇත.ජනපති සිරිසේන සිට ඇත්තේ ඔහුට සුපුරුදු තැන්පත් හා නිවුණු ස්වභාවයෙනි.හමුවේදී රාජපක්ෂ  ඉදරිපත් කළ ඉල්ලීම් පහත දැක්වේ.

ඉදිරි මහ මැතිවරණයේදී තමා පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම්කිරීම.

මැතිවරණයෙන් පසුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පක්ෂයක් ලෙස එළෙසම පවත්වාගෙන යාම.

එක්සත් ජාතික නිදහස් සන්ධානයේ නාමයෝජනා භාරදීමේ කටයුතු තමාගේ අධීක්ෂණය යටතේ සිදුවීම.

ප‍්‍රාදේශීය සභා විසිරුවා හැරීම අත්හිටුවීම.(කරූ ජයසූරිය අමාත්‍යවරයාගේ නියෝගයක් මත මාර්තු මාසයේදී විසිරුවා හැරීමට නියමිතව තිබූ ප‍්‍රාදේශීය සභා වල පාලන කාලය දැනටමත් මෙම මස 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ*ප ‍්‍රාදේශීය සභා විසිරුවා නොහරින්නැයි රාජපක්ෂ ඉල්ලා සිටින්නේ ඔහුගේ ආධාරකරුවන් රාශියක් එම ආයතනයන්ගේ සිටින බැවින්ය.විසිරුවා හැරියහොත් එම ආයතනයන් වල තිබෙන සම්පත් තමන්ගේ සිතැගි පරිදි භාවිතා කිරීමට ඔහුට අවකාශ නැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින් ලූහුබැද අල්ලා ගැනීමේ වත්මන් කි‍්‍රයාදාමය අත්හිටුවීම.වංචා හා දුූෂණ සම්බන්ධ පරීක්ෂණ කටයුතු තම අධීක්ෂණය යටතේ සිදුකිරීමට වත්මන් අගමැතිවරයාට අවසරය ලබාදී තිබෙන ගැසට් පත‍්‍රය සංශෝධනය කිරීම.

ඉදිරිපත් කර තිබූ ඉල්ලීම් ජනපති සිරිසේන හා ඔහුගේ ජයග‍්‍රහණයේ ප‍්‍රධාන හවුල්කරු වන එක්සත් ජාතික පක්ෂය අතර බෙදීමක් ඇතිකිරීම අරමුණු කරගෙන ඉතාම දක්ෂ ලෙස සකස් කර තිබුණු අයුරු හදුනාගත හැකිය.නිවුනු හා තැන්පත් ස්වරයෙන් මහින්ද  රාජපක්ෂගේ ඉල්ලීම් වලට පිළිතුරු දී තිබෙන ජනපති සිරිසේන ඉදිරිපත් කර තිබෙන ඉල්ලීමක් කිසිවෙකටත් එකගවිය නොහැකි බව පවසා තිබේ.’එහෙනම් ඉතින් කතා කරලා වැඩක් නැහැ’ යැයි පවසා ඇති රාජපක්ෂ එම ස්ථානයෙන් ඉවත්ව යෑමට මෙන්  සූදානම්ව තිබේ.’එහෙනම් ඉතින් යන්න’ ජනපති සිරිසේන ඔහුට පිළිතුරු දී ඇත්තේ එලෙසය.පිටත්ව යෑමට මෙන් සූදානම් වුවත් මහින්ද රාජපක්ෂ තවදුරටත් තම අසුනේම  රැුදී සිට ඇත.රාජපක්ෂට වුවමනා පක්ෂයේ බෙදීම් සිදුවීම වළක්වා පක්ෂය එකතු කිරීම නොව තව තවත් බෙදීම් ඇතිකර එහි වාසිය තමන් වෙත ලබාගැනීම බව ඔහුගේ හැසිරීමෙන් පැහැදිලිය.අනෙක් පසින් ජනපති සිරිසේනට වුවමනා වූයේ මහින්ද රාජපක්ෂ හා හමුවක් පවත්වා දෙදෙන අතර විරසකයක් නැති බව පෙන්වාදී ඒ ගැම්මෙන්  පක්ෂය එක්සත් කරගැනීමට බව පැහැදිලිය.අවසානයේ දෙදෙනාගේම වුවමනාවන් ඉටුවූයේ නැත.ජනපතිවරයා හා සමිීප ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබුණු ආකාරයට වංචා දුූෂණ කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයන් නවතා දමන්නැයි  රාජපක්ෂ කරන ඉල්ලීම විහිලූවකට වැඩි දෙයක් නොවන බව ජනපති සිරිසේනගේ අදහසයි.

ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ බෙදීම් ඇතිකිරීම සදහා අගමැති වික‍්‍රමසිංහ මෙම වංචා හා දුූෂණ කටයුතු පිළිඹද පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටිනවායැයි රාජපක්ෂ කරන ප‍්‍රකාශයේ කිසිදු පදනමක් නොමැත.මෙම පරීක්ෂණ කටයුතු බහුතරයක් භාරව සිටින මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශ පිහිටැවුනේ කැබිනට් අනුමැතියෙනි.එහි කටයුතු  අධීක්ෂණය කිරීම සදහා පත් කෙරුණු උප කමිටුවක සාමාජිකයෙකු ලෙස අගමැතිවයා  පත්විය යුතුයැයි තීරණය කළේද කැබිනට් මණ්ඩලයයි.වංචාව හා දුූෂණයට එරෙහිව පෙනී සිටින බව කීවද එක්සත් ජාතික පක්ෂයට හා රනිල් වික‍්‍රමසිංහට මහ බැංකු බැදුම්කර සම්බන්ධ සිදුවීමෙන් ලැබුණේ කිසිදා නොමැකිය හැකි කලූ පැල්ලමකි.එක්සත් ජාතික පක්ෂය එම අවස්ථාවේදී වගකීම් විරහිත ලෙස කටයුතු කළ ආකාරය දැන් රටම දැනගෙන අවසානය.

රාජපක්ෂ හා හමුවෙන් අනතුරුව හිටපු ජනපතිනී කුමාරතුංග හමුවූ ජනපති සිරිසේන ඇය හා අදහස් හුවමාරු කරගත්තේය.එදින රැුයේ අලූත් අවුරුද්ද නිමිත්තෙන් අගමැති වික‍්‍රමසිංහ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලේ සංවිධානය කර තිබූ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයකටද එක්වූ හෙතෙම ඊට සහභාගීව සිටි පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් හා රාජපක්ෂ හා පිරිවර සමග පැවති හමුවේ තොරතුරු හුවමාරු කරගත්තේය.

ශී‍්‍රලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ හා සිරිසේන අතර පැවති හමුව පිළිබද සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව දෙදෙනාව නැවත වරක් මුහුණට මුහුණ සාකච්ඡුාවක් සදහා  යොමුකරනු ඇතැයි රාජපක්ෂ කදවුර අපේක්ෂාවෙන් සිටී.නමුත් ජනපති සිරිසේනට සමිීප ආරංචි මාර්ග පවසන්නේ නැවත වරක් හිටපු ජනපතිවරයාම හමුවීමේ වුවමනාවක් ඔහුට නොමැති බවයි.’ඔහුට අහන්න ලැබුනානේ මහින්ද රාජපක්ෂයට මොනවද කියන්න තියෙන්නේ කියලා.දැන් ඒක ඉවරයි.ඔහුගේ සම්පූර්ණ අවධානය දැන් යොමුවෙලා තියෙන්නේ පක්ෂය ශක්තිමත් කිරීමේ කටයුතු වලට’.එම ආරංචි මාර්ග සදහන් කළේය.එළැඹෙන පාර්ලිමෙන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්  නොව ශී‍්‍රලංකා නිදහස් පක්ෂයෙන් සාමාජිකයින් තෝරාගැනීමේ අදහසක් ජනපති සිරිසේනට ඇතිව තිබීම රාජපක්ෂ හිතවාදීන් සිරිසේන කෙරේ තව තවත් වෛර බැදීමට හේතුවක් වී තිබේ.

 

 

20 ඒ ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගත් වහාම තමන් පාර්ලිමෙන්තුව විසිරුවා හරින බව ජනපතිවරයා දැනටමත් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ රජයට දැනුම්දී තිබේ.19 ඒ ව්‍යවස්ථා සංශෝධනයෙන් හදිසි පණත් සම්මත කර ගැනීම අහෝසි කර තිබුණද ඊට තවමත් කතානායකවරයා තම අනුමැතිය ලබාදී නොමැති නිසා 20 ඒ ව්‍යවස්ථා සංශෝධනය බොහෝ විට හදිසි පණතක් ලෙස සම්මත කර ගැනීම සිදුවනු ඇත.තවමත් 20 ඒ වලින් යෝජිත මැතිවරණ ක‍්‍රමයට තවදුරටත් සිදුකළ යුතු වෙනස්කම් පිළිඹද සාකච්ඡුා පැවැත්වෙමින් පවතී.මෙම සාකච්ඡුා පැවැත්වීමේ කටයුතු වල ඉදිරියෙන්ම සිටින්නේ ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂයන්ය.

 

පසුගියදා ජනපතිවරයා හමුවූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පොරොන්දුවූ පරිදි පාර්ලිමෙන්තුව විසිරුවා හරින්නැයි ඉල්ලා සිිටියේය.20 ඒ සම්මත කර ගැනීමක් පිට පටවා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම කල්දමමින් සිටින්නේ ජනතා පරමාධිපත්‍යට අකුල් හෙළමින් සිටින නිමල් සිරිපාලද සිල්වා ඇතුලු විපක්ෂයේ මන්තී‍්‍රවරුන් යැයි ඔහු චෝදනා කළේය.අවසන ඔහුට පිළිතුරු දෙමින් ජනපති සිරිසේන

 

පැවසූයේ යෝජිත මැතිවරණ ක‍්‍රමය පිළිඹද එකගතාවයකට පැමිණීම තවදුරටත් පමා වන්නේනම් තමන් ඒ පිළිඹදව බදාදා දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී අමාත්‍යවරුන්ගෙන් කරුණු විමසා අනතුරුව වහාම පාර්ලිමෙන්තුව විසිරුවා හරින බවය.

පැරණි මැතිවරණ ක‍්‍රමය

20 ඒ මගින් නව මැතිවරණ ක‍්‍රමයක් හදුන්වාදීමට සියලූ පක්ෂ එකගවී ඇතත් නුදුරේදී පැවැත්වෙන මැතිවරණය පැරණි මැතිවරණ ක‍්‍රමය යටතේ පැවැත්වෙන ලකුණු පෙනෙන්නට ඇත.20 ඒ බලාත්මක කරනු ඇත්තේ අලූතින් පත්වන රජයයි.මෙසේ මැතිවරණය පැරණි ක‍්‍රමය යටතේම පැවැත්වීමට දේශපාලන පක්ෂ එකගවෙමින් සිටින තත්ත්වයක් ඇතිවීමට ප‍්‍රධාන හේතුව වී තිබෙන්නේ යෝජිත නව මැතිවරණ ක‍්‍රමයේ ප‍්‍රායෝගික ගැටලූ විසදා එය ප‍්‍රයෝජනයට ගත හැකි සේ සකස් කිරීමට තවත්  වසරකවත් පමණ කාලයක් ගතවනු ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබීමය.

පැරණි ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම යනු සටන ඇතිවනු ඇත්තේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතරය.ගැටලූව වන්නේ මේ හමුවේ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ හිතවාදීන් කුමක් කරාවිද යන්නය.ඔහුගේ කාලය ගෙවී යමින් තිබෙනවාද? නැතිනම් තවදුරටත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂය බෙදා වෙන් කිරීමට ඔහු කටයුතු කරාවිද? මේ අතර පසුගියදා ශී‍්‍රලංකාවට පැමිණි ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන්  කෙරී පවසා සිටියේ ශී‍්‍රලංකාවේ පසුගිය පාලකයින් අයථා ලෙස උපයා ගත් මුදල් විදේශයන්හි තැන්පත් කර ඇතිනම් එම මුදල් ශී‍්‍රලංකාවට ලබාගැනීමට ඇමරිකාව  තම උපරිම දායකත්වය ලබාදෙන බවය.විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඊට ඌණ පූර්ණයක් එක්කරමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඩොලර් බිලියන 18 ක මුදලක් විදේශ බැංකු ගිණුම් වල තැන්පත් කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පැවසුවේය.

මෙය ප‍්‍රතික්ෂේප කරන රාජපක්ෂ තමන් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව නිවේදනය කර ඇත.රාජපක්ෂ නාමය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ මෙහෙයුමකට රජය දැන් අවතීරණ වී සිටින බව පැහැදිලිය.දැනටමත් මේ කටයුතු සම්බන්ධ කමිටුවක් පත්කර ඉදිරියේ වැඩකටයුතු දියත්කළ යුතු ආකාරය පිළිඹදව සැළසුම්ද සකස් කෙරෙමින් පවතී.අගමැති වික‍්‍රමසිංහ හා හිටපු ජනපතිනිය ඊට එක්ව සිටිති.දැනට නම් එක්සත් ජාතික පක්ෂය සිටින්ේන බලවත් ස්ථානයකය.නමුත් ගෙවුනු දින සියයේ වකවානුවේ පක්ෂය විනාශය කරා යෑමට ඔන්න මෙන්න තිබියදී අවසාන මොහොතේදී නැවතුනේ වරක් දෙවරක් නොවේ.එම වැරදි නැවත සිදුනොවීමට වගබලාගැනීම එක්සත් ජාතික පක්ෂයේ වගකීමකි.වැරදි සියල්ල දිගින් දිගටම ඉවසා සිටීමට තමන් සූදානම් නොමැති බව පෙන්වමින් රටේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයෙන් ලබාදුන් ආදර්ශය රට කරවන සියලූදෙනා තදින් සිතට ගතයුතුය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.