කන්තා අසුන් ලබාදීම අර්බුදයක්

womenපළාත් පාලන ආයතනවල සියයට 25 ක කාන්තා නියෝජනය ලබාදීම මේ වන විට අර්බුදයක් බවට පත්ව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

සෑම පළාත් පාලන ආයතනයකම සියයට 25 ක කාන්තා නියෝජනය අනිවාර්ය කර ඇතත් මන්ත්‍රීවරුන් පත්ව ඇති ආකාරය අනුව එය අර්බුදයක් බවට පත්ව ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.

එම නිසා පනත සංශෝධනය කර කාන්තා නියෝජනය පිළිබඳ සංශෝධනයක් ගෙන එන්නැයි තමන් පාර්ලිමේන්තුවට යෝජනා කරන බව ද සභාපතිවරයා කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වූයේ පරිගණක වැඩසටහනෙහි ඇති වූ දෝෂයක් නිසා බව කී දේශප්‍රිය මහතා එහි සියලු වරද තමන් තනිව භාරගන්නා බව ද කීවේය.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.