කන්නාඩිය ගාවට ගිහින් රැවුල අතගෑවොත් මහින්දගේ පරාජයට හේතු පෙනේවි

 

a441a05ceb9a8f81ed4b6e6a69a1fe38_L

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ පරාජයට බොදුබල සේනා සංවිධානය වගකිව යුතු බවට දරණ ස්ථාවරය වැරදි සහගත බව එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසූහ.

එහිමියෝ මේ බව කියා සිටියේ අද (28) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

හිටපු ජනපතිවරයා පරාජයට පත් කිරීමට බොදුබල සේනාව කොන්ත්‍රාත්තුවක් බාරගත් බවට වන චෝදනාවද උන්වහන්සේ තරයේ ප්‍රතික්ෂේප කළහ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් උන්වහන්සේ මෙසේද පැවසූහ.

“පැරදිලත් සරලව කිව්වොත් ඇණගෙනත්…නැවත නැවතත්…ඒ වැරදි පාරෙම ගමන් කිරීම ගැන අපි කනගාටු වෙනව හැරෙන්න…වෙන කියන්න දෙයක් නෑ”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශ පුවත් සේවාවකට කියා සිටියේ බොදු බල සේනාව තමන්ගේ පරජයට එක හේතුවක් වූ බවයි.

 

 

 

[vsw id=”/lAMUOnQ216E” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.