කඳුළු ගෑස් වාර්තාවක්

tear-gasඅධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයයන් හඹා ගිය පොලිසිය අවස්ථා 15 කදී පමණ කඳුළු ගෑස් ගැසූවත් විරෝධතාකරුවන් පාලනය කරගත නොහැකි විය.

පුරා 15 වතාවක් පමණ පොලිසිය කඳුළු ගෑස් ගැසූ අතර එය ශ්‍රී ලංකාවේ පැවැති උද්ඝෝෂණයකදී වැඩිම වතාවක් කඳුළු ගෑස් ගැසූ අවස්ථාව ලෙසද වාර්තා වේ.

පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම හේතුවෙන් තුවාල ලද 21 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද අතර තවත් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.
කොළඹ නගරශාලාව ආශ්‍රිත පෙදෙස්හි මෙම විරෝධතාව නොපවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝගයක් නිකුත් කර තිබියදීත් ශිෂ්‍ය සංගම් සාමාජිකයෝ ‘විහාර මහ දේවි උද්‍යානය අසළට පැමිණියහ.  කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා විරෝධතාකරුවන්ට උසාවි නියෝගයක් පෙන්වූවේය.

වැසිකිළිවලට ද කඳුළු ගෑස්

උද්ඝෝෂණකරුවන් විහාරමහා දේවී උද්‍යානයට ඇතුළු වූයෙන් පොලිසිය විහාර මහා දේවි උද්‍යානයට කඳූළු ගෑස් ගසමින් විරෝධතාකරුවන් හඹා යන්නට විය. මෙලෙස කඳුළු ගෑස් ගැසීම නිසා උද්‍යානයේ සිටි සාමන්‍ය ජනතාව ද මහත් අපහසුතාවට පත් විය.
උද්‍යානයේ ආපන ශාලාවේ සහ වැසිකිළිවල ජලය කපා හැර තිබූ අතර විහාර මහා දේවී උද්‍යානයට කඳුළු ගෑස් ගැසීම සම්බන්ධයෙන් එහි සිටි සාමාන්‍ය වැසියෝ පොලිසියට දෝෂාරෝපණය කළහ. එහෙත් ඒ බව තඹයකට මායිම් නොකළ පොලිසිය ආපන ශාලා තුළට මෙන්ම වැසිකිළිවලට ද කඳුළු ගෑස් ගසමින් විරෝධතාකරුවන් එළියට ගැනීමට උත්සහ කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.